අවසන් මොහොතේදී ක්‍රියාත්මක කරන ලද නීතියක් හේතුවෙන් මාතලේ හොකී සංගමයට ක්‍රීඩකයන් 7 දෙනෙක් සමගින් ක්‍රීඩා කිරීමට සිදුවූ බව මාතලේ හොකී සංගමයේ උප සභාපති දිලූක වීරසූරිය මහතාිලංකාදීප’ යට පැවසීය.
මාතලේ හොකී කණ්ඩායමට ඇතුළත්ව සිටි ක්‍රීඩකයන් 16 දෙනාගෙන් බහුතරයක් ත්‍රිවිධ හමුදාවන්ට අයත් ක්‍රීඩකයන් වූ බවත්ල අවසන් මොහොතේ ඔවුන් සියලු දෙනා බංකුව මත තබා යොවුන් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් සමගින් තරග වැදීම නිසා තම ක්‍රීඩා සංගමයට වෙන්නප්පුව හොකී සංගමය හමුවේ ගෝල 8-1 ක දැවැන්ත පරාජයකට මුහුණදීමට සිදුවූ බවද වීරසූරිය මහතා එහිදී වැඩි දුරටත් කියා සිටියේය.
ජාතික හොකි තරගාවලිය පැවැත්වෙන්නේ අන්තර් සංගම් තරගාවලියක් වශයෙනිග මෙම තරගාවලියට යුද හමුදාවල ගුවන් හමුදාව සහ නාවික හමුදාව නියෝජනය කරමින් වෙන වෙනම කණ්ඩායම් ක්‍රීඩා නොකරන අතර ත්‍රිවිධ හමුදාව නියෝජනය වන පරිදි සන්නද්ධ සේවා ලෙස ඒකාබද්ධ කණ්ඩායමක් ක්‍රීඩා කරයි. එම සන්නද්ධ සේවා කණ්ඩායමට ඇතුළත් නොවන නමුත් ත්‍රිවිධ හමුදාවන්ට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෙනත් හොකී සංගම් නියෝජනය කරමින් තරගාවලියට සහභාගි වීමට නොහැකි බව සංවිධායකයෝ කියති.
කෙසේ වෙතත් තරගාවලිය ආරම්භවන මොහොත දක්වා සංවිධායකයන් එවැනි නීතියක් පිළිබඳව ක්‍රීඩා සංගම් දැනුවත් කර නොතිබුණ බව මාතලේ දිස්ත්‍රික් හොකී සංගමය කියයි.
කණ්ඩායමට ඇතුළත් විය යුතු නියමිත ක්‍රීඩකයන් සංඛ්‍යාව නොමැතිව තවදුරටත් ක්‍රීඩා කිරීමට නොහැකි නිසා මාතලේ හොකී සංගමය මෙවර තරගාවලියෙන් ඉවත්වීමේ සුදානමකින් පසුවන බවද දිලූක වීරසූරිය මහතා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.