Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාතලේ කි‍්‍රකට් පිලක් යාපනේ යයි

මාතලේ කි‍්‍රකට් පිලක් යාපනේ යයි

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාතලේ රවී පුංචිහේවා කි‍්‍රකට් විද්‍යායතන කි‍්‍රකට් කණ්ඩායම මේස මස 24 සහ 25 දිනයන්හිදී යාපනයේ විස්සයි:20 කි‍්‍රකට් තරගාවලියකට සහභාගි වීමට නියමිතය.

රවී පුංචිහේවා කි‍්‍රකට් විද්‍යායතනයේ කි‍්‍රකට් කී‍්‍රඩාව හදාරන වයස අවුරුදු 13 න් පහළ, 15 න් පහළ සහ 17 න් පහළ කණ්ඩායම් යාපනයේ ශාන්ත පැට්ටි‍්‍රක් විදුහල් පිල සහ යාපනය විදුහල් කණ්ඩායම් සමග තරග වැදීමට නියමිතය.

කි‍්‍රකට් කී‍්‍රඩාව මගින් විවිධ ජනවර්ග අතර මිත‍්‍රත්වය සහ සංහිඳියාව ඇතිකිරීම මෙම තරගාවලියේ මූලික අරමුණ බවත් දරුවන් කුඩා අවදියේ සිටම ඒ සඳහා යොමුකිරීම තමන්ගේ අදහස බවත් කි‍්‍රකට් විද්‍යායතනයේ අධක්‍ෂක රවී පුංචිහේවා මහතා පවසයි.

තරගාවලියේ දක්‍ෂතම කී‍්‍රඩකයාට, දක්‍ෂතම පිතිකරුවාට සහ දක්‍ෂතම පන්දු යවන්නාටද විශේෂ ත්‍යාග පිරිනැමීමට රවී පුංචිහේවා කි‍්‍රකට් විද්‍යායතනය කටයුතු යොදා ඇති අතර උතුරේ පාසල් දරුවන් සඳහා අධ්‍යාපනයට අවශ්‍ය ලිපිද්‍රව්‍ය බෙදා දීමටද කටයුතු යොදා තිබේ.

තරගාවලියේ සමාරම්භක උත්සවයේ ප‍්‍රධාන අමුත්තන් වශයෙන් 513 වැනි බලසේනා මුලස්ථානයේ් අණදෙන නිලධාරී බි‍්‍රගේඩියර් ඩබ්ලිව්. එල්. පී. පෙරේරා මහතා සහ ශාන්ත පැට්ටි‍්‍රක් විදුහලේ විදුහල්පති පේරේ සෙල්වනායගම් පියතුමා සහභාගි වෙති. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උතුරු පළාත් පුහුණුකරු රවීන්ද්‍ර පුෂ්පකුමාර සහ යාපනය දිස්ති‍්‍රක් පුහුණුකරු ලක්‍ෂිත හේරත් යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වෙති.


අදහස් (0)

මාතලේ කි‍්‍රකට් පිලක් යාපනේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.