Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ ප‍්‍රිමා කුසලාන අන්තර් දිස්ත‍්‍රික් ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී ගාල්ල කළාප II කණ්ඩායම පරදවා කඩුලූ 3 කින් ජය ගැනීමට මාතර දිස්ත‍්‍රික් පිල සමත්විය. මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී තරගය අද (09 වැනිදා) පැවැත්විණ.
මුලින්ම පන්දුවට පහරදුන් ගාල්ල කළාප II කණ්ඩායම ඕවර 26.1 කදී සියලූ දෙනා දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 76 ක් පමණි. ඊයේ ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරගය එක් පිලකට ඕවර 34 කට සීමාවිය.
ලකුණු 77 ක ඉලක්කයක් හඹා ගිය මාතර දිස්ත‍්‍රික්කය ඕවර 26.5 කදී කඩුලූ 7 ක් දැවී තම ඉලක්කය සපුරා ගැනීමට සමත්වූහ.
ගාල්ල කළාප II කණ්ඩායම - ඕවර 26.1 කදී සියලු දෙනා දැවී ලකුණු 76
(රවිදු රසන්ත 16, දිලූම් සුධීර 16, කේෂර නුවන්ත 05/4, ශෂික දිල්ශාන් 15/4, පසිදු මනප‍්‍රිය 19/2)
මාතර දිස්ත‍්‍රික්කය - ඕවර 26.5 කදී කඩුලු7 ක් දැවී ලකුණු 80
(හේෂාන් දිල්හාර නොදැවී 20, සහන් බණ්ඩාර නොදැවී 18, අකිල දිල්ශාන් 26/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.