Last Update  :  2026-04-01 16:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහින්දය හත්වැනි ජයත් ලබයි

මහින්දය හත්වැනි ජයත් ලබයි

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ලේ මහින්ද විද්‍යාලය හා කෝට්ටේ ජනාධිපති විද්‍යාලය අතර පැවැති අන්තර් පාසල් වයස 19න් පහළ පළමු කොටසේ පාසල් කි‍්‍රකට් තරගයෙන් මහින්ද විදුහල ඉනිමක සහ ලකුණු 24 ක දැවැන්ත ජයක් ලබාගත්තේය.

මහින්ද විදුහල මෙම තරගවාරයේදී ලබාගත් හත්වැනි පූර්ණ ජයග‍්‍රහණය ලෙස මෙය සටහන් වේ. මෙම තරගයේදී මලින්දයේ මලිත් මහේල කඩුලූ වාර්තාව 12 ක් දවාගනිමින් අර්ධ ශතකයක්ද ලැබීම කැපීපෙනුණි.

මෙම පාසල් වාරයේදී මේ දක්වා ඔහු කඩුලූ 95 ක් බිඳහෙළමින් හා ලකුණු 550 ක් ඉක්මවා රැස්කර තිබේ.

කෝට්ටේ ජනාධිපති විදුහල පළමු ඉනිම සියලූදෙනා දැවී 115
(නවෝද් කලංසූරිය 53, මලිත් මහේල 30/6, පියුශාන් කුලතුංග 7/2, තමිත් කල්හාර 28/2)

මහින්ද විදුහල පළමු ඉනිම සියලූදෙනා දැවී 285
(මලිත් මහේල 80, දුලාෂ් උදයංග 71, ඉෂාර අකලංක 41, සචික උදාර 35, මොහොමඞ් හලන් 75/6)

කෝට්ටේ ජනාධිපති විදුහල දෙවැනි ඉනිම 146
(නවෝද් කලංසූරිය 59, සන්දීප විමලවීර 27, මලිත් මහේල 60/6, තමිත් කල්හාර 42/2)


අදහස් (0)

මහින්දය හත්වැනි ජයත් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.