මහිඳු මලිත්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ වැලිවේරිය මද්දුම බණ්ඩාර මහ විදුහලට එරෙහිව වැලිවේරියේදී පැවැති III කොටසේ තරගයෙන් කඩුලු 9 ක ජයක් අත්කර ගැනීමට මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල සමත් විය.
පළමු ඉනිමේදී ලකුණු 12 කට කඩුලු 7 ක් දවාගත් මහිඳු, ඉන් නොනැවතී දෙවැනි ඉනිමේදීද ලකුණු 29 කට කඩුලු 5 ක් දවාගත්තේ සමස්ත තරග පුරා ඔහු දවාගත් මුලු කඩුලු සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ නංවා ගනිමිනි.
මද්දුම බණ්ඩාර මහ විදුහල් පළමු ඉනිම - ඕවර 28 කදී සියලු දෙනා දැවී 80
(සෙනිර ප්‍රමෝද්‍ය 28, මහිඳු මලිත් 12/7)
නාලන්දා මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 15 කදී කඩුලු 3 ක් දැවී 85
(නඳුන් කල්හාර 35, සචිරු හංසල 22)
මද්දුම බණ්ඩාර මහ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 23.4 කදී සියලු දෙනා දැවී 62
(මහිඳු මලිත් 29/5, නඳුන් කල්හාර 33/5)
නාලන්දා මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 7.2 කදී කඩුල්ලක් දැවී 60
(නඳුන් කල්හාර නොදැවී 26)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.