අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්රිකට් තරගාවලියේ මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල සහ රාගම කරුණාරත්න බෞද්ධ පාසල අතර දිවුලපිටිය මහජන ක්රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට නාලන්දා මැදි විදුහල සමත් විය.
එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිතර වූ නාලන්දා මැදි විදුහලේ මහිඳු බණ්ඩාර පළමු ඉනිමේදී ලකුණු 25 කට කඩුලු 6 ක්ද, දෙවැනි ඉනිමේදී ලකුණු 45 කට කඩුලු 7 ක්ද බැගින් ඉනිම් දෙකේදීම ලකුණු 70 කට කඩුලු 13 ක් බිඳහෙළීමට සමත් විය.
පළමු ඉනිමේදී අර්ධ ශතකයක් ලබාගත් සලිඳු මල්මිණ (67), දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 30 ක් රැස්කරමින් නාලන්දා මැදි විදුහල ජයග්රහණය කරා ගෙන ගියේය.
කරුණාරත්න බෞද්ධ පාසල් පළමු ඉනිම - ඕවර 33.5 කදී සියලු දෙනා දැවී 89
(නුවින් සංකල්ප 33, ලසිඳු කවිෂ්ක 25, මහිඳු බණ්ඩාර 25/6, නඳුන් කල්හාර 19/4)
නාලන්දා මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 30.5 කදී කඩුලු 3 ක් දැවී 138
(සලිඳු මල්මිණ 67, සචිරු හංසන 44)
කරුණාරත්න බෞද්ධ පාසල් දෙවැනි ඉනිම - ඕවර 34.1 කදී සියලු දෙනා දැවී 102
(ලක්ෂාන් මදුසංඛ 29, මහිඳු බණ්ඩාර 45/7)
නාලන්දා මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 8.4 කදී කඩුලු 5 ක් දැවී 54
(සලිඳු මල්මිණ නොදැවී 30, ලසිඳු කවිෂ්ක 21/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.