කොළඹ මහානාම විදුහල සහ පාදුක්ක සිරි පියරතන විදුහල අතර පානදුරේදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 215 ක පහසු ජයක් අත්කර ගැනීමට මහානාම විදුහල සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 312 ක ඉලක්කයක් හඹාගිය සිරි පියරතන විදුහලට ඕවර 37.3 කදී සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 102 ක් පමණි.
එහිදී යසිරු කස්තුරිආරච්චි සහ ඉෂාන් කටුපිටිය කඩුලූ 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. පවන්ත වීරසිංහ (74), ඉෂාන් කටුපිටිය (නොදැවී 60), ගිම්හාන් පණ්ඩිතරත්න (50), මහානාම විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.
මහානාම විදුහල - ඕවර 50 කදී කඩුලූ 7 ක් දැවී 311
(පවන්ත වීරසිංහ 74, ඉෂාන් කටුපිටිය නොදැවී 60, ගිම්හාන් පණ්ඩිතරත්න 50, පසිඳු ජයරංජන 42, රිසිර වීරසූරිය, 25, තිෂාන් රෂ්මිත 30/2, කාවින්ද ඊස්වර 35/2)
සිරි පියරතන විදුහල - ඕවර 37.3 කදී සියලූ දෙනා දැවී 102
(ශමාල් ගුණසේකර 22, යසිරු කස්තුරිආරච්චි 11/3, ඉෂාන් කටුපිටිය 12/3, දිලීෂ තුඩුවගේ 10/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.