Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහානාම විදුහල මුල් ඉනිම ජයගනී

මහානාම විදුහල මුල් ඉනිම ජයගනී

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කෙළඹ මහානාම විදුහල සහ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල අතර ශාන්ත ජෝන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට මහානාම විදුහල සමත් විය.

එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ මහානාම විදුහලේ සචිර වැලිවත්ත ලකුණු 61 ක් රැස්කරමින් ලකුණු 10 කට කඩුලු 3 ක්ද දවාගත්තේය. එම විදුහලේම දෙවිඳු කැකිරිදෙණිය ලකුණු 2 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


මහානාම විදුහල - පළමු ඉනිම - ඕවර 59.1 කදී කඩුලු 8 ක් දැවී 246
(සචිර වැලිවත්ත 61, පසිඳු නවෝද්‍ය 51, මනූෂ අනුරාධ 30, ගවින් ජයවර්ධන 27, දෙවිඳු කැකිරිදෙණිය 22, දෙවිමිත් හෙට්ආරච්චි 59/6)

ශාන්ත ජෝන් විදුහල - පළමු ඉනිම - ඕවර 36 කදී සියලු දෙනා දැවී 95
(සෙනෙත් අෂ්මික 34, දෙවිඳු කැකිරිදෙණිය 20/6, සචිර වැලිවත්ත 10/3)

මහානාම විදුහල - දෙවැනි ඉනිම - ඕවර 12 කදී කඩුලු 4 ක් දැවී 80
(බනුල ඇල්ගවත්ත 32, දිල්ෂාන් ගුවන්ජිත් 07/2)

 


අදහස් (0)

මහානාම විදුහල මුල් ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.