අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ මහානාම විදුහල සහ කැලණිය ගුරුකුල විදුහල අතර කොළඹ සී.සී.සී ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මහානාම විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ මහානාම විදුහලේ විනුක රූබසිංහ (නොදැවී 102) ශතකයක් ලබාගත් අතර එම විදුහලේම පවන් රත්නායක (61) අර්ධ ශතකයක් ලබාගත්තේය.
මහානාම විදුහල් පළමු ඉනිම - ඕවර 46.5 කදී සියලු දෙනා දැවී 120
(පුල්ෂාන් රෝහණ 32, පවන් රත්නායක 31, පවන්ත වීරසිංහ 28, රිසිත සංකල්ප 15/4, සසිත අෂාන් 15/3, ප්‍රවීන් නිමේෂ් 20/2)
ගුරුකුල විදුහල් පළමු ඉනිම - ඕවර 37.5 කදී සියලු දෙනා දැවී 99
(ජනිත ෂෙහාන් 24, දෙවිඳු කැකිරිදෙණිය 24/4, පවන්ත වීරසිංහ 20/2, ධනුක නිම්මාන 27/2)
මහානාම විදුහල් දෙවැනි ඉනිම - ඕවර 60.2 කදී කඩුලු 6 ක් දැවී 224
(විනුක රූබසිංහ නොදැවී 102, පවන් රත්නායක 61, සදීශාන් චමෝද්‍ය 24, රෂ්මික මෙවන් 39/3, ලික්ෂාන් සසංග 39/2)
ගුරුකුල විදුහල් දෙවැනි ඉනිම - ඕවර 38 කදී කඩුලු 9 ක් දැවී 110
(ලික්ෂාන් සසංග 44, කෙමිර නයනතරු 27, දෙවිඳු කැකිරිදෙණිය 27/5, නිසල් ආකාෂ් 03/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.