Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වටයට සුදුසුකම් ලැබීමට කොළඹ මහානාම විද්‍යාලය සමත්විය.
මත්තේගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි වටයේ තරගයේදී සඳලංකාව මධ්‍ය මහා විද්‍යාලය කඩුලු 9 කින් පැරදවීමට කොළඹ මහානාම විද්‍යාලය සමත්විය. මෙම තරගයේදී කොළඹ මහානාම විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ කෞශික තිලකරත්න එක් ලකුණකට කඩුලු 5ක් දවාලීය.
සඳලංකාව මධ්‍ය මහා විද්‍යාලය - පළමු ඉනිම 61 යි
(ෂෙහාරා දිල්සර 20, කෞශික තිලකරත්න 01/5, විමාෂ් මදනායක 08/2, තෙනුජ රශ්මින් 16/2)
කොළඹ මහානාම විද්‍යාලය - ඕවර 10 කදී කඩුල්ලක් දැවී 62 යි
(කෞශික තිලකරත්න නොදැවී 38)
කෞශික තිලකරත්න
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.