Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩයලොග් කුසලාන, අන්තර් කී‍්‍රඩා සමාජ රග්බි තරගාවලියේ අද (1 වැනිදා) පැවැති රග්බි තරගයකදී යුද හමුදා කණ්ඩායම පරදවා ලකුණු 38-25 ක පහසු ජයක් ලබාගැනීමට මහනුවර කී‍්‍රඩා සමාජය සමත් විය. මෙම තරගය මහනුවර නිත්තවෙල කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.
මහනුවර කණ්ඩායම උත්සාහක දිනුමකින්, ගෝල දිනුම් 3 කින්, දඬුවම් පහර 3 කින් සහ ඩ්‍රොප් ගෝලයකින් ලකුණු ලබාගත් අතර යුද හමුදා කණ්ඩායම ගෝල දිනුමකින්, උත්සාහක දිනුම් 3 කින් සහ දඬුවම් පහරකින් ලකුණු ලබාගත්තේය.
මහනුවර පිල වෙනුවෙන් ලවංග පෙරේරා උත්සාහක දිනුම් 2 ක්ද, කිෂූ ජොහාන් සහ අංක 8 ස්ථානයේ කී‍්‍රඩා කරන විදේශීය කී‍්‍රඩකයා උත්සාහක දිනුම බැගින්ද ලබාගත්හ. ඩ්‍රොප් ගෝලයත්, දඬුවම් පහර 3 ක් සහ ප‍්‍රවර්ථන තුනත් සාර්ථක කරගැනීමට විදේශීය කී‍්‍රඩකයා වන ෆා අටුනා සමත් විය.
යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් කාටා අට-කුනමන්දා, මොහොමඞ් රිස්වි, ඉමන්ත ආරියපාල සහ ලයිලි ගලී උත්සාහක දිනුම් වාර්තා කළ අතර උපාලි වික‍්‍රමසිංහ සියලූම ප‍්‍රවර්ථනය කිරීම් සහ දඬුවම් පහර සාර්ථක කරගත්තේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.