Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහනුවර ක‍්‍රීඩකයෝ ‘ක්ලිෆර්ඞ්’ රග්බි ශූරතාව දිනති

මහනුවර ක‍්‍රීඩකයෝ ‘ක්ලිෆර්ඞ්’ රග්බි ශූරතාව දිනති

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවූ අන්තර් සමාජ පළමු කොටසේ ‘ක්ලිෆර්ඞ්’ කුසලාන පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මහනුවර ක‍්‍රීඩා සමාජය සමත් විය.

මහනුවර ක‍්‍රීඩා සමාජය මෙවර ලීග් සහ පිළිමළුන් පිටු දැකීමේ යන ශූරතා ද්විත්වය දිනා ගැනීම කැපී පෙනේ.  

මහනුවර ක‍්‍රීඩා සමාජය සහ පොලිස් පිල අතර නිත්තවෙල ක‍්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයෙන් මහනුවර ක‍්‍රීඩකයෝ ලකුණු 77-7 පහසු ජයක් ලැබීමට සමත් වූහ.  

ජයග‍්‍රාහි මහනුවර ක‍්‍රීඩා සමාජය පිල ගෝල 6 කින් සහ උත්සාහක දිනුම් 5 කින් ලකුණු ලැබීය. පොලිසියට ගෝලයක් පමණක් එකතු විය.

 


අදහස් (0)

මහනුවර ක‍්‍රීඩකයෝ ‘ක්ලිෆර්ඞ්’ රග්බි ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.