සංචාරක පාකිස්තානු ‘ඒ’ පිල සහ ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල අතර තරග තුනකින් සමන්විත නිල නොවන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි සහ අවසන් තරගයේ දෙවැනි දිනය වූ අද (21) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට පාකිස්තානු ‘ඒ’ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 377 ක් රැස්කරමින් ප‍්‍රබල තත්ත්වයක පසුවිය.
පාකිස්තානු ‘ඒ’ පිල දෙවැනි දිනය අවසන් වන විට ශ‍්‍රී ලංකාවට වඩා ලකුණු 104 ක් ඉදිරියෙන් සිටියේය.
දිනය අවසන් වන විට ෂාන් මසූඞ් (නොදැවී 145) සහ අලි අසාඞ් (නොදැවී 31) පන්දුවට පහර දෙමින් සිටියහ.
ශ‍්‍රී ලංකා පන්දු රකින්නන්ගෙන් අවස්ථා තුනක් ලැබූ ආරම්භක පිතිකරු ෂාන් මසූඞ් පන්දු 302 කදී හතරේ පහර 20 ක් සමගින් නොදැවී ලකුණු 145 ක් රැුස් කිරීමට සමත්ව සිටියේය. මසූඞ් පැය හතක කාලයක් පන්දුවට පහරදී තිබේ.
ෂාන් මසූඞ් සහ උමාර් අමීන් (127) දෙවැනි කඩුල්ලට පන්දු 289 කදී ලකුණු 204 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ‍්‍රී ලංකා පිලට ප‍්‍රබල අභියෝගයක් යොමු කිරීමට සමත් වූහ. මෙහිදී උමාර් අමීන් වේගවත් පිතිහරඹයක් දියත් කරද්දී ෂාන් මසූඞ් අන්තයක් ආරක්‍ෂා කරමින් පන්දුවට පහර දුන්නේය.
උමාර් අමීන් පන්දු 133 කදී හතරේ පහර 14 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 127 ක් රැස්කර දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය. අමීන් සිය ශතකය පන්දු 97 කදී සම්පූර්ණ කළ අතර එයට හතරේ පහර 14 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් විය.
අමීන්ගේ දෙවැනි ලකුණු 50 පන්දු 37 කදී සටහන් විය.
ෂාන් මසූඞ් අර්ධ ශතකය පන්දු 150 කින් සම්පූර්ණ කළ අතර එයට හතරේ පහර 7 ක් ඇතුළත් විය.
ශ‍්‍රී ලංකා වේග පන්දු යවන්නන් වන තිදෙනා පාකිස්තානු පිතිකරුවන්ට පීඩනයක් යොමු කරන ආකාරයක් දැකගත නොහැකි වූ අතර බොහෝ අවස්ථාවලදී කඩුල්ලට පන්දු යවනවා වෙනුවට මෑතින් යවන ආකාරය දැකගත හැකි විය.
දිවා විවේකය පෙනි පෙනි තිබියදී ෂාන් මසූඞ් ලකුණු 36 යේදී අෂාන් ප‍්‍රියංජන්ගේ පන්දුවටකට ස්ලීප්හි පන්දු රකිමින් සිටි ධනංජය ද සිල්වාට ලබා දුන් උඩ පන්දුව ද ගිලිහි ගියේය.
ෂාන් මසූඞ් ලකුණු 9 ක් ලබා සිටියදී දුෂ්මන්ත චමීරගේ පන්දුවකට කඩුලූ රකින කුසල් පෙරේරා වෙත ලබාදුන් පහසු උඩ පන්දුව ගිලිහි යෑම දැඩි පාඩුවක් බවට පත්විය.
ළහිරු ගමගේ යැවූ දිනයේ පළමු ඕවරයේ අවසන් පන්දුවේදී කුරාම් මන්සූර් (13) පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.
පළමු දිනයේ ක‍්‍රීඩාව අවසන් කරන විට පාකිස්තානු ‘ඒ’ පිල කිසිවකු නොදැවී ලකුණු 20 ක් රැස්කර සිටියේය.
හෙට (22) තරගයේ තෙවැනි දිනයයි.
ලකුණු පුවරුව
ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල පළමු ඉනිම ඕවර 74 කදී සියලූ දෙනා දැවී 273
(ධනංජය ද සිල්වා 13, මාධව වර්ණපුර 14, කිත්රුවන් විතානගේ 48, කුසල් පෙරේරා 90, නිසල තාරක 76, දුෂ්මන්ත චමීර නොදැවී 12, තබීෂ් ඛාන් 65/2, ෂශාඞ් අසාම් 54/3, ෆාවාඞ් අලාම් 40/4)
පාකිස්තාන් ‘ඒ’ පිල පළමු ඉනිම
කුරාම් මන්සූර් - ඇ. අෂාන් ප‍්‍රියංජන් ප. ළහිරු ගමගේ 13
ෂාන් මසූඞ් - නොදැවී 145
උමාර් අමීන් - ඇ. අෂාන් ප‍්‍රියංජන් ප. ළහිරු ගමගේ 127
උස්මන් සලාවුද්දීන් - ක. මූ. කළා උදාර ජයසුන්දර 36
ෆවාඞ් අලාම් - ක. මූ. කළා ප. ළහිරු ගමගේ 12
අලි අසාඞ් - නොදැවී 31
අතිරේක 13
එකතුව ඕවර 104 කදී කඩුලූ 4 ක් දැවී 377
පන්දුවට පහර දීමට සිටින පිතිකරුවෝ:
අද්නන් අක්මාල්, සියා උල් හක්, මීර් හම්සා, තබීෂ් ඛාන්, ෂශාඞ් අසාම්
කඩුලූ වැටීම:
1-20(කුරාම් මන්සූර්), 2-224(උමාර් අමීන්), 3-292(උස්මන් සලාවුද්දීන්), 4-315(ෆාවාඞ් අලාම්)
පන්දු යැවීම:
ළහිරු ගමගේ: 18-5-67-3, දුෂ්මන්ත චමීර: 16-2-58-0, නිසල තාරක: 14-2-36-0, මාලින්ද පුෂ්පකුමාර: 27-4-84-0, ධනංජය ද සිල්වා: 21-0-102-0, අෂාන් ප‍්‍රියංජන්: 6-0-24-0, උදාර ජයසුන්දර: 2-0-9-1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.