අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ ෂ කාණ්ඩයේ තරගයක් ලෙස කුරුණෑගල මලියදේව විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර කුරුණෑගලදී පැවැති තරගයෙන් ලකුණු 72 ක ජයක් අත්කර ගැනීමට මලියදේව විදුහල සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 207 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත සිල්වෙස්ටර් විදුහලට ඕවර 39.2 කදී සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 134 ක් පමණි.
එහිදී ලකුණු 32 කට කඩුලූ 5 ක් දවාගත් චමිඳු ජයසිංහ, සිල්වෙස්ටර් විදුහලේ පිතිකරුවන්ට දැඞී පීඩනයක් එල්ල කිරීමට සමත් විය.
මලියදේව විදුහල - ඕවර 49.2 කදී සියලූ දෙනා දැවී 206
(සුපුන් සුමනරත්න 53, චමින්ද ජයසිංහ නොදැවී 25, විශ්ව විජේසේකර 25, ශාලූක අතපත්තු 22, එම්. එස්. අහමඞ් 20/3, ජී. නිස්සංක 35/2)
ශාන්ත සිල්වෙස්ටර් විදුහල - ඕවර 39.2 කදී සියලූ දෙනා දැවී 134
(එම්. පවිත‍්‍රන් 36, සී. එල්. ජයකොඩි 33, එම්. එස්. අහමඞ් 22, චමිඳු ජයසිංහ 32/5, සුපුන් සුමනරත්න 24/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.