Last Update  :  2025-12-22 11:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මනෝජ් ඡන්ද 1000 කඩයිම පසුකරයි

මනෝජ් ඡන්ද 1000 කඩයිම පසුකරයි

Nisanka Sandeepani - 2018 නොවැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ (2019) පස්වැනි සතිය නිමාවන විට ඡන්ද 1000 සීමාව පසුකර යෑමට සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටින මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ සුඛිත මනෝජ් සමත්ව සිටියි. ගෙවීගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 360 ත් සමග මේ වන විට ඔහු ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 1116 කි.  

සුඛිතට වඩා ඡන්ද 791 ක් පසුපසින් සිටින නාලන්දා විදුහලේ ලක්ෂිත රසාංජන, ඡන්ද 325 ක් ලබා එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන අතර ගෙවී ගිය සතිය තුළදී සිය ඡන්ද සංඛ්‍යාවට අලුතින් ඡන්ද 161 ක් එක්කර ගැනීමට ඔහු සමත්වී ඇත. 

මහනුවර ත්‍රිත්ව විදුහලේ සහ ගාල්ල මහින්ද විදුහලේ ක්‍රීඩකයන් දෙදෙනෙකු වන අභිෂේක් ආනන්ද සහ නවෝද් පරණවිතාන පිළිවෙලින් ඡන්ද 145 ක් සහ 77 ක් බැගින් ලබා සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිව්වැනි ස්ථාන හිමිකර ගැනීමට සමත්ව සිටිති. 

සති හතරක් පුරා නැගී එන කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටි නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ තරුෂ සඳරුවන් දෙවැනි ස්ථානයට ඇද දමමින් එම කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ගම්පහර ශාන්ත පීතර විදුහලේ විෂල් රුක්ෂාන් සමත්ව සිටියි. ගෙවී ගිය සතියේදී ඡන්ද 300 ක් ලබාගනිමින් සිය මුළු ඡන්ද සංඛ්‍යාව 543 ක් දක්වා ඉහළ දමාගැනීමට විෂල් සමත්වී ඇති අතර එම සතිය තුළදී ලබාගත් ඡන්ද 246 ත් සමග තරුෂගේ ඡන්ද සංඛ්‍යාවද 496 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

ඡන්ද 33 ක් ලබාගනිමින් තරගයට ඇතුළත් වූ සතියේදීම බාලිකා පාසල් කාණ්ඩයේ පෙරමුණ ගැනීමට රත්ගම දේවපතිරාජ විදුහලේ සත්‍යා සංදීපනී සමත්ව සිටින්නීය. මුල් සති හතර පුරා එම කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටි නුගේගොඩ අනුලා විදුහලේ සිත්මි නිරාෂා ඡන්ද 28 ක් සමගින් එහි දෙවැනි ස්ථානයේ පසුවන්නීය. 

මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප, අද, ඬේලි මිරර්, ඬේලි එෆ්.ටී. සහ ටැමිල් මිරර් යන දිනපතා පුවත්පත්වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ යන සති අන්ත පුවත්පත්වලද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. 

තමන් කැමතිම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට අන්තර් ජාලය ඔස්සේ මනාප පළ කිරීමේ අවස්ථාව නොවැම්බර් මස 1 වැනිදා සිට ආරම්භ විය. www.dialog.lk/cricket/register  යන වෙබ් අඩවියට පිවිසීමෙන් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම තරගය සඳහා ලියාපදිංචි විය හැකිය. 

කූපන්පත් මගින් යොමු කෙරෙන මනාප සහ අන්තර් ජාලය මගින් පළකරන මනාප සතිපතා ගණනය කෙරෙන අතර එහි නිල ප්‍රතිඵල ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මෙන්ම ‘සන්ඬේ ටයිම්ස්’ වෙබ් අඩවියේද ‘ලංකදීප’ පුවත් පතේ සහ ‘කෙළිමඬළ’ වෙබ් අඩවියේද පළකෙරේ.  

 

 

පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසුගිය සතියේ ජයග්‍රාහකයෝ 
1 එයින්ස්ලි වැම්බීක්, 14, ලංකා මාතා පාර, රාගම  
2 පද්ම කරුණාතිලක, 475/5, තිඹිරිගස්යාය පාර, කොළඹ 5 
3 ඉනෝකා ප්‍රියදර්ෂණී, 174, කන්දෙවිහාර පාර, ඕපනායක 
4 කේ.ඒ.ජේ.ආර්. ප්‍රනාන්දු, 217/12, ජයසිංහ පෙදෙස, හැඳල, වත්තල 

-036 

 


අදහස් (0)

මනෝජ් ඡන්ද 1000 කඩයිම පසුකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.