Last Update  :  2025-12-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මනීෂ රුක්ෂාන්ගෙන් ශතකයක්

මනීෂ රුක්ෂාන්ගෙන් ශතකයක්

ශනුක අරවින්ද - 2018 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ධර්මරාජ විදුහල් ‘බී’ කණ්ඩායම සහ මාතලේ ක්‍රිස්තු දේව විදුහල අතර ධර්මරාජ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ක්‍රිස්තු දේව විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ මනීෂ රුක්ෂාන් ක්‍රිස්තු දේව විදුහල වෙනුවෙන් ශතකයක් (127) ලබාගැනීමට සමත් වූ අතර කාවින්ද විජේරත්න (57) සහ කුමුදිත බණ්ඩාර (53) ධර්මරාජ විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගත්හ.

ධර්මරාජ විදුහල් පළමු ඉනිම - ඕවර 55 කදී කඩුලු 9 කට 240
(කාවින්ද විජේරත්න 57, කුමුදිත බණ්ඩාර 53, එච්. රණසිංහ නොදැවී 33, කසුන් ජයරත්න 70/4, දිනිත් හෙට්ටිආරච්චි 38/2)

ක්‍රිස්තු දේව විදුහල් පළමු ඉනිම - ඕවර 44 කදී කඩුලු 8 කට 244
(මනීෂ රුක්ෂාන් 127, කසුන් ජයරත්න 48, සිතුම් ජයරත්න 25, ජේ.ඒ.එම්. පෙරේරා 49/3, යසිත දිසානායක 78/2)


අදහස් (0)

මනීෂ රුක්ෂාන්ගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.