Last Update  :  2025-11-04 19:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මංචි කුසලාන සුපර් ලීග් වොලිබෝල් තරගාවලියට නම ගිය කණ්ඩායම් 18 ක්

මංචි කුසලාන සුපර් ලීග් වොලිබෝල් තරගාවලියට නම ගිය කණ්ඩායම් 18 ක්

editorial - 2025 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

දිවයිනේ නම ගිය වොලිබෝල් කණ්ඩායම් සහභාගිත්වයෙන් ලබන දෙසැම්බර් 2 වැනිදා වතුපිටිවල ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ වන මංචි කුසලාන ශූරතා ජාතික වොලිබෝල් තරග මාලාවේ ඒ කාණ්ඩයේ  (සුපර් ලීග්) තරගමාලාව සදහා පිරිමි කණ්ඩායම් 10 ක් හා කාන්තා කණ්ඩායම් අටක් ඉදිරිපත්ව සිටියි.

තරගාවලිය එදින සිට දෙසැම්බර් 6 වැනිදා දක්වා වතුපිටිවලදී පැවැත්වීමට මේ වන විට සැලසුම් කර තිබේ.

මේ අතර මෙවරත් ජාතික වොලිබෝල් තරගාවලිය කාණ්ඩ දෙකකින් පැවැත්වීමේදී ආධුනික තරගාවලිය ලබන නොවැම්බර් 22 වැනිදා සිට පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපති හා එහි මූල්‍ය කමිටුවේ සභාපති  මහින්ද සෙනරත් බන්ඩාර මහතා පැවැසීය.

එහිදී නොවැම්බර් 22 - 23 යන දිනවලදී පළාත් (මූලික) වටය මතුගම වලගෙදර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එහි ජාතික තරග වටය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන දෙසැම්බර් 13 - 14 යන දිනවල වාද්දුව පොතුපිටිය විදුහල් පිටියේදීය.

පළාත් වටයට නිර්දේශ ලවන්නේ ඊට පෙර පවත්වා අවසන් කෙරෙන දිස්ත්‍රික් තරග වටයේ ශූරතා හා අනුශූරතා ලබන කණ්ඩායම්‍ ය.මෙම ආධුනික තරගාවලිය සදහා කණ්ඩායම් අයැදුම් කිරීමේදී වසර 2023 - 24 - 25 යන වසරවලදී ජාතික වොලිබෝල් කණ්ඩායම් (කාන්තා - පිරිමි) දෙකේ ක්‍රීඩා ක‍ළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළත් කිරීම තහනම් වේ.

එසේම සුපර් ලීග් තරගාවලිය සදහා සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද ආධුනික තරගාවලියට ක්‍රීඩා කිරීම තහනම් වේ. කණ්ඩායම් තමන් පදිංචි දිස්ත්‍රික්ක යෙන් පමණක් ආධුනික තරගාවලියට අයැදුම් කළ යුතුය.

ජාතික වොලිබෝල් තරගමාලාව සදහා මංචි සන්නාමය යටතේ සිලෝන් (මංචි)  බිස්කට් සමාගම මෙවරත් අනුග්‍රහය දරයි. තරග අයදුම්පත් බාරගැනීම නොවැම්බර් මස 10 වැනිදා දක්වා සිදුකරේ

තරග අයැදුම්පත් ලේකම්, තරග කමිටුව, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, අංක 33, ටොරිංටන් පෙදෙස, කොළඹ 7 (විමසීම් දුරකථන අංක 0112669344) යන ලිපිනයට යොමු කිරීම හෝ srilankavolleyball@yahoo.com යන විද්‍යුත් තෑපෑලට යොමු  කළ යුතුය.

තරගමාලාවේ කාණ්ඩ දෙකේම  කාන්තා හා පිරිමි කණ්ඩායම් ශූරතාව, අනුශූරතාව හා තෙවැනි ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් හා අවසන් මහ තරග දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද කුසලාන හා මුදල් ත්‍යාග ප්‍රදානය කෙරේ.

 

 ඒ කාණ්ඩය හෙවත් සුපර් ලීග් තරගාවලියට සහභාගි වන කණ්ඩායම්

• කාන්තා - යුද හමුදා,නාවික හමුදා, ගුවන් හමුදා, පොලිස් , වරාය අධිකාරිය, කැෂුවලයින්, හයිඩ්‍රාමනී හා ඔමේගා ලයින්

• පිරිමි - යුද හමුදා,නාවික හමුදා, ගුවන් හමුදා, පොලිස්, විදුලි බල මණ්ඩල, වරාය අධිකාරිය, විශ්ව විද්‍යාල (ඒකාබදධ),තරුණ සේවා, මැලිබන්, ඕෂන් ලංකා.


අදහස් (0)

මංචි කුසලාන සුපර් ලීග් වොලිබෝල් තරගාවලියට නම ගිය කණ්ඩායම් 18 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.