කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර වාර්ෂිකව පැවැත්වෙන 71 වැනි ‘බ‍්‍රැඞ්බි පළිහ’ රග්බි තරගයේ දෙවැනි අදියර හෙට (23 වැනිදා) පස්වරු 4.00 කොළඹ රාජකීය විදුහල් රග්බි ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මහනුවරදී පැවැති පළමු අදියයේ තරගයෙන් රාජකීය විදුහල ලකුණු 23-22 ක තියුණු ජයක් ලබමින් ලකුණක් ඉදිරියෙන් සිටියි. රාජකීය විදුහල වසර හතරකට පසුව ජය ලැබීමට නම් හෙට තරගය සමව අවසන් කිරීම ප‍්‍රමාණවත් වේ.
ත‍්‍රිත්ව විදුහල විදුහල පිට පිටම පස්වැනි වසරටත් ජය ලැබීමට නම් ලකුණු දෙකක පරතරකින් අද තරගය ජය ලැබිය යුතුය. ත‍්‍රිත්ව විදුහල 2011 වසරේ සිට අඛණ්ඩව වසර හතරක් ජය ලබා සිටීම කැපී පෙනෙන සිද්ධියකි.
මෙම තරගයේ ජයග‍්‍රහණය අදියර දෙකේම ලකුණු එකතුවෙන් අනුව හිමිවේ.
ශ‍්‍රී ලංකාවේ පැරණීම පාසල් රග්බි තරගය වන මෙම තරගයේ 1945 සිට මේ දක්වා පවත්වා ඇති තරග 70 දී ත‍්‍රිත්ව විදුහල තරග 39 ක් ද, රාජකීය විදුහල තරග 30 ක් ද, ජය ලබා ඇති අතර 1992 වසරේ තරගය සම තත්ත්වයෙන් අවසන් වී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.