කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා විසින් පිහිටුවන ලද බෞද්ධ විදුහල් අතර වාර්ෂිකව පැවැත්වෙන කි‍්‍රකට් තරගාවලියේ 15 වැනි අදියර මේ මස 13 සහ 14 යන දින වලදී කුරුණෑගල වෙලගෙදර කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
කොළඹ ආනන්ද, කොළඹ නාලන්ද, මහනුවර ධර්මරාජ, කුරුණෑගල මලියදේව, ගාල්ල මහින්ද, අම්බලන්ගොඩ ධර්මාශෝක, මාතර රාහුල සහ පන්නිපිටිය ධර්මපාල යන විදුහල් නියෝජනය කරන ආදි ශිෂ්‍ය කණ්ඩායම් මෙම තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතය.
හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ කී‍්‍රඩා පදනම 1999 වසරේදී මෙම තරගාවලිය ආරම්භ කළ අතර එහි පළමු අදියරේ ජය ලබා ගැනීමට කුරුණෑගල මලියදේව විදුහල සමත් විය.
මෙවර තරගාවලියේ සංවිධාන කටයුතු කුරුණෑගල මලියදේව විදුහලට පැවරී ඇති අතර තරගාවලිය පිළිබඳ වැඩි දුර තොරතුරු මලියදේව ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති චන්දන ගුරුගේ (077 3826281, 071 8299311) හෝ සංවිධායක කමිටු සභාපති ජී. සිවජෝති (071 8649388) යන මහත්වරුන් ඇමතීමෙන් ලබාගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.