Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල සමත් විය.
අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කොළඹ ආනන්ද විදුහලට එරෙහිව කඩුලු 8 ක ජයක් අත්කර ගනිමින් ත්‍රිත්ව විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
ජයග්‍රහණය සඳහා ලකුණු 191 ක ඉලක්කයක් හඹා ගිය ත්‍රිත්ව විදුහල ඕවර 30 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. එහිදී අගනා ශතකයක් ලබාගත් හසිත බෝයගොඩ (112) ත්‍රිත්ව විදුහලේ ජයග්‍රහණය ඉක්මන් කළේය.
ආනන්ද විදුහල - ඕවර 47.4 කදී සියලු දෙනා දැවී 190
(ළහිරු හිරණ්‍ය 52, අසේල් සිගේරා 36, කවිඳු ගිම්හාන 28, තිසරු දිල්ෂාන් 22/4, විමුක්ති නෙතුමාල් 38/3)
ත්‍රිත්ව විදුහල - ඕවර 30 කදී කඩුලු 2 ක් දැවී 191
(හසිත බෝයගොඩ 112, පුබුදු බණ්ඩාර නොදැවී 61)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.