Last Update  :  2025-12-19 19:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බේස්බෝල් ශූරතාව වෑවලවැව විදුහලට

බේස්බෝල් ශූරතාව වෑවලවැව විදුහලට

ශනුක අරවින්ද - 2018 දෙසැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමය සංවිධානය කළ සමස්ත ලංකා වයස 16 න් පහළ පාසල් බේස්බෝල් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට දඹුල්ල, වෑවලවැව මහ විදුහල සමත් විය. තරගාවලිය පුරා සිය අපරාජිත වාර්තාව රැකගත් වෑවලවැව ක්‍රීඩකයෝ අවසන් මහ තරගයේදී ලකුණු 11-5 ක් ලෙස කොළඹ ඩී.එස්. සේනානායක විදුහල පරාජය කරමින් එම ශූරතාවට හිමිකම් කීහ.

අවසන් මහ තරගයේ මුල් ඉනිම් 3 අවසන් වන විට ලකුණු 5-2 ක් ලෙස පෙරමුණ ගැනීමට ඩී.එස්. සේනානායක විදුහල සමත් විය. එහෙත් සිවුවැනි ඉනිමේ සිට දක්ෂ ලෙස තරගයට අවතීර්ණ වූ වෑවලවැව ක්‍රීඩකයෝ 11-5 ක් ලෙස තරගයේ ජය තමන් සතුකර ගත්හ. ඩී.එස්. සේනානායක විදුහලට තරගාවලියේ අනු ශූරතාව හිමි වූ අතර රිච්මන්ඞ් විදුහල එහි තෙවැනි ස්ථානයට පත්විය.

ද්විත්ව පරාජයෙන් පසුව ඉවත්වීමේ පදනම මත පැවැති මෙම තරගාවලියේ මූලික වටයේදී කොළඹ ඩී.එස්. සේනානායක විදුහල ලකුණු 9-4 ක් ලෙසද, කොළඹ නාලන්දා විදුහල ලකුණු 18-2 ක් ලෙසද පරාජය කිරීමට වෑවලවැව මහ විදුහල් ක්‍රීඩකයෝ සමත් වූහ.

අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ ආනන්ද විදුහල ලකුණු 13-0 ක් ලෙස පරාජය කළ වෑවලවැව මහ විදුහල, තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ ගාල්ල රිච්මන්ඞ් විදුහලට එරෙහිව ලකුණු 9-6 ක ජයක් ලබාගනිමිනි.

තරගාවලියේ දක්ෂතම පන්දු යොමු කරන්නා ලෙස ඩී.එස්. සේනානායක විදුහලේ ආකාෂ් මලින්දත්, දක්ෂතම පිතිකරුවා ලෙස රිච්මන්ඞ් විදුහලේ නිදුල ලොකුගේත්, දක්ෂතම පන්දු රකින්නා ලෙස වෑවලවැව මහ විදුහලේ ක්‍රිෂාන් විජේතුංගත් සම්මාන දිනාගත්හ. තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගනු ලැබුවේ වෑවලවැව මහ විදුහලේ අවිෂ්ක බණ්ඩාර විසිනි. 


අදහස් (0)

බේස්බෝල් ශූරතාව වෑවලවැව විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.