Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බෙවිඳු - අෂ්විනි - දුමිඳු - දිල්මි ශූරතා දිනති

බෙවිඳු - අෂ්විනි - දුමිඳු - දිල්මි ශූරතා දිනති

දිලිනි මල්රුක්ෂි - 2015 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොරටුව තරුණ කි‍්‍රස්තියානි සංගමය 5 වැනි වරටත් සංවිධානය කළ කනිෂ්ඨ බැඩිමින්ටන් තරගාවලියේ වයස් කාණ්ඩ ශූරතා දිනාගැනීමට බෙවිඳු දසනායක, අෂ්විනි සෙනෙවිරත්න,  දුමිඳු අබේවික‍්‍රම සහ ඒ. වී. දිල්මි ඩයස් යන කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත්වූහ.

වයස අවුරුදු 14 න් පහළ සහ 16 න් පහළ ළමුන් සඳහා මොරටුව තරුණ කි‍්‍රස්තියානි සංගම් ගෘහස්ථ කි‍්‍රඩාංගණයේදී පැවැත්වැති මෙම තරගාවලියට තරගකරුවෝ 150 කට අධික තරගකරුවෝ පිරිසක් සහභාගී වූහ.

තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ආරාධිත අමුත්තන් ලෙස මොරටුව තරුණ කි‍්‍රස්තියානි සංගමයේ සභාපති නිහල් ප‍්‍රනාන්දු, උප සභාපති දීප්ති පෙරේරා, භාණ්ඩාගාරික සාන්ත ප‍්‍රනාන්දු සහ හිටපු සභාපති බර්නාඞ් ප‍්‍රනාන්දු යන මහත්වරු එක්ව සිටියහ.

ඇස්ට්‍රොන් ලංකා පුද්ගලික සමාගම, ප‍්‍රයිම් ග‍්‍රාමින් ක්ෂුද්‍ර මුල්‍ය ආයතනය, නේෂන් ලංකා ෆිනෑන්ස් පී. එල්. සී. සමාගම, මොරටුව කොමර්ෂල් බැංකුව, මොරටුව හැටන් නැෂනල් බැංකුව සහ සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනැන්ස් පී. එල්. සී. සමාගම තරගාවලියේ අනුග‍්‍රාහකයන් ලෙස කටයුතු කළේය.

තරග ප‍්‍රතිඵල

වයස 16 න් පහල බාලක
ශූරතාව - බෙවිඳු දසනායක  
අනු ශූරතාව - සමාධි සමමිත්  

වයස 16 න් පහල බාලිකා
ශූරතාව - අෂ්විනි සෙනෙවිරත්න
අනු ශූරතාව - බිනුරි සුදුසිංහ

වයස 14 න් පහල බාලක
ශූරතාව - දුමිඳු අබේවික‍්‍රම
අනු ශූරතාව - ජනිඳු සුරක්ෂණ පීරිස්

වයස 14 න් පහල බාලිකා
ශූරතාව - ඒ. වී. දිල්මි ඩයස්
අනු ශූරතාව - සී. ඉෂාරා වන්නිගේ

මොරටුව තරුණ කි‍්‍රස්තියානි සංගමයේ සභාපති නිහාල් ප‍්‍රනාන්දු, උප සභාපති දීප්ති පෙරේරා, භාණ්ඩාගාරික සාන්ත ප‍්‍රනාන්දු, කී‍්‍රඩා කමිටු සභාපති ජේ. එස්. ඒ. ප‍්‍රනාන්දු, ලේකම් සම්පත් ප‍්‍රනාන්දු සහ හිටපු සභාපති බර්නාඞ් ප‍්‍රනාන්දු යන මහත්වරුන් වයස් කාණ්ඩ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් සමග....


අදහස් (0)

බෙවිඳු - අෂ්විනි - දුමිඳු - දිල්මි ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.