Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බී.ආර්.සී. පිලට ලකුණු 35 ක ජයක්

බී.ආර්.සී. පිලට ලකුණු 35 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2017 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ තරගයකදී වරාය අධිකාරී ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 35 ක ජයක් හිමිකර ගැනීමට බී.ආර්.සී ක්‍රීඩා සමාජය අද (10 වැනිදා) සමත්විය. මෙම තරගය බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


ජයග්‍රහණය සදහා ලකුණු 122 ක ඉලක්කයක් හඹාගිය වරාය අධිකාරී ක්‍රීඩා සමාජයට සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 86 ක් පමණි. තිලකරත්න සම්පත් ලකුණු 18 කට කඩුලු 3 ක් සහ විකුම් සංජය ලකුණු 19 කට කඩුලු 2 ක් දවාගනිමින් බී.ආර්.සී කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

 

බී.ආර්.සී - පළමු ඉනිම - ඕවර 65.5 කදී සියලුදෙනා දැවී ලකුණු 187
(විකුම් සංජය 51, හිමේෂ් රාමනායක 28, චාමික එදිරිසිංහ නොදැවී 24, චානක කොමසාරූ 40/3, මදුක ලියනපතිරණගේ 41/3, අදීල් මලික් 41/2)

වරාය අධිකාරිය - පළමු ඉනිම - ඕවර 65.3 කදී සියලුදෙනා දැවී ලකුණු 192
(යොහාන් ද සිල්වා 103, මදුක ලියනපතිරණගේ 30, යශෝධ ලංකා 26, චාමික එදිරිසිංහ 40/3, සුරාජ් රංදීව් 49/3, තිලකරත්න සම්පත් 25/2)

බී.ආර්.සී - දෙවැනි ඉනිම - ඕවර 48.3 කදී සියලුදෙනා දැවී ලකුණු 126
(ලසිත් ලක්ෂාන් 48, මදුක ලියනපතිරණගේ 18/4, අදීල් මලික් 29/3)

වරාය අධිකාරිය - දෙවැනි ඉනිම - ඕවර 38.5 කදී සියලුදෙනා දැවී ලකුණු 86
(යශෝධ ලංකා 24, තිලකරත්න සම්පත් 18/3, විකුම් සංජය 19/2)

 


අදහස් (0)

බී.ආර්.සී. පිලට ලකුණු 35 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.