Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බැඞ්මින්ටන් ශූරතාව බ‍්‍රැන්ඩික්ස් ‘ඒ ‘ පිලට

බැඞ්මින්ටන් ශූරතාව බ‍්‍රැන්ඩික්ස් ‘ඒ ‘ පිලට

සංජය එරමුදුගොඩ - 2015 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා බැඞ්මින්ටන් සංගමය විසින් සංවිධානය කරන ලද 2015 අන්තර් සමාගම් ද්විත්ව කණ්ඩායම් බැඞ්මින්ටන් තරගාවලියේදී තරග වට 3-1 ලෙස සෙලාන් බැංකු කණ්ඩායම පරාජයට පත් කරමින් ශූරතාව දිනා ගැනීමට බ‍්‍රැන්ඩික්ස් සමූහ කණ්ඩායම සමත් විය.

තරගාවලියේ  අපරාජිත බ‍්‍රැන්ඩික්ස් ‘ඒ’ කණ්ඩායම විසින් ඩයලොග්, කොමර්ෂල් බැංකුව සහ නේෂන් ට‍්‍රස්ට් බැංකුව යන කණ්ඩායම් මූලික අදියරේදීත් සහ අවසන් පුර්ව තරග වලදී පරාජය කරමින් අවසාන මහා තරගයට සුදුසුකම්  ලබාගත්තේය.


බ‍්‍රැන්ඩික්ස් කණ්ඩායමට ලක්සර අරවින්ද (නායක), නිහාල් අමරසේන, ඉමල් ගුරුසිංහ, හසිත පේ‍්‍රමරත්න, ජනක ගමගේ, නිර්මාල් පෙරේරා, රුවන් ප‍්‍රනාන්දු, සුජානී ද කොස්තා, අවීෂා ඩයස් සහ රොෂ්නි ප‍්‍රනාන්දු යන අය ඇතුලත් වූහ.

මේ අතර බ‍්‍රැන්ඩික්ස් ‘බී‘කණ්ඩාමය මෙම ශූරතාවලියේදීම සිව් වැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2015 අන්තර් සමාගම් ද්විත්ව කණ්ඩායම් බැඞ්මින්ටන් තරගාවලියේ කුසලාන ශූරතාව දිනාගත් බ‍්‍රැන්ඩික්ස් ‘ඒ‘ කණ්ඩායම.


අදහස් (0)

බැඞ්මින්ටන් ශූරතාව බ‍්‍රැන්ඩික්ස් ‘ඒ ‘ පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.