Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බැංගලෝර් පිල කඩුලූ 8 කින් ජය ලබයි

බැංගලෝර් පිල කඩුලූ 8 කින් ජය ලබයි

ශනුක අරවින්ද - 2014 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියේ (2014) දෙවැනි තරගය ලෙස විරාට් කෝලි මෙහෙයවන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල සහ දිනේෂ් කාර්තික් මෙහෙයවන දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල අතර සාජා ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (17) පැවැති තරගයෙන් බැංගලෝර් පිල කඩුලූ 8 ක පහසු ජයක් ලැබීය.

බැංගලෝර් පිල ලකුණු 146 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 16.4 කදී කඩුලූ 2 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.  

යුවරාජ් සිං (නොදැවී 52) සහ විරාට් කෝලි (නොදැවී 49) තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 84 ක නොබිදුණු  සම්බන්ධතාවක් පැවැත්වූහ.

විස්සයි20 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී මන්දගාමී පිතිහරඹයක නිතර වූ බවට චෝදනා එල්ල වූ යුවරාජ් සිං පන්දු 29 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 52 ක් රැස් කිරීම කැපී පෙනුණි.

විරාට් කෝලි පන්දු 38 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 49 ක් ලබා ගත්තේය.

පර්තිව් පටෙල් පන්දු 28 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 37 ක් ලබා දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.

පළමුව පන්දුවට පහර දුන් දිල්ලි පිල ලකුණු 35 කට කඩුලූ 4 ක් දැවී දැඩි අවිනිශ්චිත තත්ත්වයක සිටියදී ජේ. පී. ඩුමින් (නොදැවී 67) සහ රෝස් ටේලර් (නොදැවී 43) පස්වැනි කඩුල්ල සදහා ලකුණු 110 ක නොබිදුණු සම්බන්ධතාවක් පවත්වමින් ගෞරවනීය තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.

ජේ. පී. ඩුමිනි වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 48 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 67 ක් රැස්කිරීමට සමත් විය.

රෝස් ටේලර් පන්දු 39 කදී හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 43 ක් ලබා ගත්තේය.

බැංගලෝර් පිලේ නායක විරාට් කෝලි කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට දිල්ලි පිලට ආරාධනා කළේය.

බැංගලෝර් පිල නියෝජනය කරන සුපිරි පිතිකරු ක‍්‍රිස් ගේල් ආබාධයකට ලක්ව සිටීම නිසා මෙම තරගයට සහභාගි නොවෙයි.

දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 4 ක් දැවී 145

(මුරලි විජේ 18, ජේ. පී. ඩුමිනි නොදැවී 67, රෝස් ටේලර් නොදැවී 43)

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල  ඕවර 16.4 කදී කඩුලූ 2 ට 146

(ප‍්‍රර්තිව් පටෙල් 37, විරාට් කෝලි නොදැවී 49, යුවරාජ් සිං නොදැවී 52)

 

-048

 


අදහස් (0)

බැංගලෝර් පිල කඩුලූ 8 කින් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.