Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ 'ප්‍රිමා' කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී බස්නාහිර පළාත් උතුර (පිටත) කණ්ඩායම පරදවා ලකුණු 49 කින් ජය ගැනීමට බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම අද (22 වැනිදා) සමත්විය. මෙම තරගය බණ්ඩාරගම නගරසභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
අමිත දාබරේ (70) බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම කණ්ඩාය වෙනුවෙන් අර්ධ ශතකයක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.
බස්නාහිර මධ්‍යම - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 181
(අමිත දාබරේ 70, භවන්ත හරිත් නොදැවී 30, මනේන්ද්‍ර ජයතිලක නොදැවී 27, දිනුක රූපසිංහ 24, තුෂාර මදුශාන් 33/4)
බස්නාහිර උතුර (පිටත) - ඕවර 46.3 කදී සියලු දෙනා දැවී ලකුණු 132
(සිහින සිතුමිණ නොදැවී 28, ශක්ති උදාර 20/2, සම්පත් නිස්සංක 22/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.