Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ ප්‍රිමා කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (20 වැනිදා) කොළඹ තර්සටන් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී බස්නාහිර පළාත් උතුර කණ්ඩායමට එරෙහිව ලකුණු 38 ක ජයක් වාර්තා කිරීමට බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම සමත් විය.
එහිදී බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශකතයක් ලබාගැනීමට අමිත් දාබරේ (53) සමත් වූ අතර ටෙෂාන් පෙරේරා බස්නාහිර පළාත් උතුර කණ්ඩායම වෙනුවෙන් ලකුණු 36 කට කඩුලු 4 ක් දවාගත්තේය.
බස්නාහිර පළාත් මධ්‍යම පිල - ඕවර 44 කදී සියලු දෙනා දැවී 175
(අමිත් දාබරේ 53, පවන් රත්නායක 39, ශෂික නිර්මාල් 39, බවන්ත ජයසිංහ 20, ටෙෂාන් පෙරේරා 36/4, ලසිත් චේතන 26/2, දිනෙත් සමරජීව 30/2)
බස්නාහිර පළාත් උතුර - ඕවර 33.2 කදී සියලු දෙනා දැවී 137
(යසිත් රූපසිංහ 56, ටෙෂාන් පෙරේරා 23, සම්පත් නිස්සංක 27/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.