Last Update  :  2025-12-28 14:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බර්නිගේ පෑන බිම වැටෙයි

බර්නිගේ පෑන බිම වැටෙයි

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 60 ක පමණ කාලයක් පුරා ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩා ක්ෂේත‍්‍රයට අමිල සේවයක් කළ ජ්‍යෙෂ්ඨතම කී‍්‍රඩා මාධ්‍යවේදියකු වූ බර්නි විජේසේකර මහතා අද (1 වැනිදා) අභාවප‍්‍රාප්ත විය. මාස කිහිපයක් ගිලන්ව සිටි විජේසේකර මහතා මියයන විට 78 වැනි වියේ පසුවූවද ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘ඬේලි මිරර්’ පුවත් පත් වල කී‍්‍රඩා පිටු සඳහා වරින් වර ලිපි සැපයීය.

වර්ෂ 1954 දී සෝදු පත් කියවන්නකු ලෙසින් පැරණි ටයිම්ස් ආයතනයට බැඳුණු විජේසේකර මහතා වර්ෂ 1958 දී සන්ඬේ ටයිම්ස් පුවත් පතේ වාර්තාකරුවකු ලෙසින් සේවය එක්විය.

අසූව දශකය මුල් භාගයේදී ටයිම්ස් ආයතනය වසා දැමීමෙන් පසුව ලේක් හවුස් ආයතනයේ ඬේලි නිවුස් පුවත් පතට එක්වූ බර්නි විජේසේකර මහතා 1996 දක්වාම එහි කටයුතු කළේය. අනතුරුව විජය පුවත් පත් සමාගමේ ‘සන්ඬේ ටයිම්ස්’ පුවත් පතට බැඳුනු විජේසේකර මහතා වරින් වර ‘ඬේලි මිරර්’ පුවත්පතටද ලිපි සැපයීය.

ශී‍්‍ර ලංකා පුවත් පත් ආයතනය සහ කර්තෘ සංසදය විසින් පවත්වන ලද 2012 වාර්ෂික ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උත්සවයේදී ජීවකාල සම්මානය හිමිකරගත් ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදීන් පස්දෙනාගෙන් අයකු වු බර්නි විජේසේකර මහතා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් පසුගිය මාසයේදී සංවිධානය කරන ලද වාර්ෂික කි‍්‍රකට් සම්මාන උළෙලේදීත් කි‍්‍රකට් වාර්තාකරණය පිළිබඳ ජීවකාල සම්මානය හිමිකරගත්තේය.

ශී‍්‍ර ලංකාව ටෙස්ට් වරම් ලැබීමටත් මත්තෙන්, 1979 සිටම, කි‍්‍රකට් තරග වාර්තා කිරීම සඳහා විදෙස්ගත වූ බර්නි විජේසේකර මහතා ඉතාමත් මෑතක් වන තුරුත් කි‍්‍රයාකාරීව වාර්තාකරණයේ නියැලී සිටියේය.

 


අදහස් (0)

බර්නිගේ පෑන බිම වැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.