ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට බදුරලිය ක‍්‍රිකට් සමාජ පිල සහ එස්.එස්.සී. පිල සුදුසුකම් ලැබීය.
අවසන් මහ තරගය එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී හෙට (10) පෙරවරුවේ පැවැත්වේ.
අවසන් පූර්ව තරග එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී අද (09) පැවැත්විණි.
බදුරලිය ක‍්‍රීඩකයෝ පළමු අවසන් පූර්ව තරගයේදී කඩුලූ 5 කින් ප‍්‍රබල එන්.සී.සී. පිල පරාජය කිරීමට සමත් විය.
දෙවැනි අවසන් පූර්ව තරගයේදී එස්.එස්.සී. පිල කඩුලූ 8 කින් කෝල්ට්ස් පිල පරාජය කළේය.
එන්.සී.සී. පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 135
(ළහිරු උදාර 14, සදුන් වීරක්කොඩි 46, සාරංග රාජගුරු 29, මොහොමඞ් ඩිල්ෂාඞ් 23/3, කසුන් රාජිත 26/2, ඇන්ඩි සොලමන්ස් 23/2)
බදුරලිය පිල ඕවර 19.2 කදී කඩුලූ 5 ට 139
(අමල් ඇතුළත්මුදලි 28, ගිහාන් රූපසිංහ 25, මිලින්ද සිරිවර්ධන නොදැවී 31, මිතුන් ජයවික‍්‍රම නොදැවී 14, ජෙහාන් මුබාරක් 24/3)
කෝල්ට්ස් පිල ඕවර 19.1 කදී සියලූ දෙනා දැවී 118
(රොෂේන් සිල්වා 36, භානුක රාජපක්‍ෂ 34, සචිත් පතිරණ 25, බිනුර ප‍්‍රනාන්දු 26/4, කසුන් මධුසංඛ 13/3, ජෙෆ්රි වැන්ඩසේ 14/2)
එස්.එස්.සී. පිල ඕවර 13.3 කදී කඩුලූ 2 ට 119
(කෞෂාල් සිල්වා 14, මිනෝද් භානුක නොදැවී 70, චාමර කපුගෙදර නොදැවී 28)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.