පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වෙන 13 වැනි බටහිර ආසියානු බේස්බෝල් ශූරතාවලියට සහභාගි වන ක්‍රීඩකයන් 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (23 වැනිදා) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.
ලබන 25 වැනිදා ආරම්භ වන මෙම තරගාවලිය මාර්තු මස 2 වැනිදා දක්වා පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවට අමතරව සත්කාරක පාකිස්තානය, ඉන්දියාව, ඉරානය, ඉරාකය සහ නේපාලය යන රටවල්ද ඊට සහභාගි වෙයි.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම අකලංක රණසිංහට හිමිවී ඇති අතර සමීර රත්නායක කණ්ඩයමේ උප නායකත්වය දරයි.
මිලිඳු හේවගේ මහතා කණ්ඩායමේ ප්‍රධන පුහුණුකරු ලෙසද, දිනේෂ් පෙරේරා මහතා කණ්ඩායමේ කලමණාකරු ලෙසද කටයුතු කරන අතර ජපන් ජාතික හිදෙකි කොයාමා සහ කසුයා යාගි යන මහත්වරු සහයක පුහුණුකරුවන් ලෙස කණ්ඩායමට එක්ව සිටිති.
ශ්‍රී ලංකා කණ්ඩායම -
අකලංක රණසිංහට (නායක), සමීර රත්නායක (උප නායක), ඉරේෂ් කෝසල, නිලංක කරුණාරත්න, සම්පත් රුවන් කුමාර, අසංක ලක්මාල්, ලසන්ත සංජීව, චරිත් හපුආරච්චි, සංජීව ජයරත්න, අරුණ ශාන්ත, සඳුන් මධුෂංක, තරිඳු මධුමාල්, සාලිය අනුරාධ, අවිෂ්ක ගුණසේකර, සුබාෂ් ගුණසිරි, නවීන් අනුරාධ, කෞෂල්‍ය ප්‍රබුද්ධ සහ අෂාන් වීරසේකර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.