Last Update  :  2024-10-07 23:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බංග්ලාදේශයට පැරදුණු ශ්‍රී ලංකාව ඉවතට

බංග්ලාදේශයට පැරදුණු ශ්‍රී ලංකාව ඉවතට

editorial - 2024 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

බංග්ලාදේශයට ගෝල 2 - 0 කින් ඊයේ (20) පරාජයට පත් වුණු ශ්‍රී  ලංකාව නේපාලයේ  කත්මන්දු  නුවරදී දැන් පැවැත්වෙන  දකුණු  ආසියානු (සාෆ්) ශූරතා පාපන්දු  වයස 20 න් පහළ  තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත්ව යාමට සිදු විය.

පළමු තරගයෙන් සත්කාරක නේපාලයටද ගෝල 1 - 0 කින් පරාජය වීම තුළ ශ්‍රී  ලංකාවට ඉරිදා (25) ආරම්භ වන පිළිමලුන් පිටුදැකීමේ තරග වටය මෙලෙස අහිමිව ගියේය.ඊයේ තරගය ගෝල 1 - 0 ක් ලෙස 17 වැනි විනාඩියේ සිට පෙරමුණ ගනිමින් බංග්ලාදේශය ඒ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු  සටහනේ පෙරමුණද ගනිමින් ජයග්‍රහණය  වාර්තා කර සිටියේය.

මේ ආකාරයට අවසන් වරට වසර 2022 දී බුහුබනේෂ්වර් හිදී මුණ ගැසීමේදීද ශ්‍රී ලංකාව (වයස 20 න් පහළ) බංග්ලාදේශයට පරාජයවී තිබේ. ගියවර ශූරයන් වන ඉන්දියාව ඇතුළුව මාලදිවයින , නේපාලය හා බංග්ලාදේශය  ඊයේ  වන විට පවත්වා අවසන් කර තිබූ තරග ප්‍රතිඵලයන්ට අනුව ඉරිදා  ආරම්භ වන අවසන් පූර්ව  වටයට නිර්දේශ  ලැබීමේ වැඩිම අවස්ථාව  හිමි කර ගෙන තිබුණි.

ඊයේ  තරගය පුරා ශ්‍රී  ලංකා කණ්ඩායම ක්‍රීඩකයන්ගේ ආදේශන පහක් සිදු කර තිබුණි.විනිසුරු වෙතින් දැඩි අවවාද ලබන කහ කාඩ් පත ලැබූ ශ්‍රී  ලංකා ක්‍රීඩකයන් ගණන තුනකි.


අදහස් (0)

බංග්ලාදේශයට පැරදුණු ශ්‍රී ලංකාව ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.