Last Update  :  2025-12-24 17:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය කල් යයි

පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය කල් යයි

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ‘ඒ’ කොටසේ පිළිමළුන් පිටුදැකීමේ ක්‍රිකට් තරගාවලිය 11 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබුනද මේ දිනවල දිවයින පුරා පවතින වර්ෂාව හේතුවෙන් තරගාවලිය 18 වැනිදා දක්වා කල් දැමීමට සංවිධායකවරු තීරණය කළහ.

පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරග 18 වැනිදාත්, අර්ධ අවසන් පූර්ව වටයේ තරග 22 වැනිදාත්, අවසන් පූර්ව වටයේ තරග 25 වැනිදාත්, අවසන් මහා තරගය 29 වැනිදාත් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
අවසන් පූර්ව වටයේ තරග සදහා පමණක් අතිරේක දිනයක් ඇති අතර අනෙක් තරග වට සදහා අතිරේක දිනයක් වෙන් කර නොමැත.

ලීග් තරගාවලියේදී ශූරතාව දිනාගත් මාස් යුනිචෙලා සහ අනුශූරතාව දිනාගත් කොමර්ෂල් ක්‍රෙඩිට් ‘ඒ’ යන කණ්ඩායම් පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් පූර්ව වටය සදහා කෙළින්ම සුදුසුකම් ලබාගත් අතර අනෙක් කණ්ඩායම් අට පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරග සදහා සහභාගී වනු ඇත.


18 වැනිදා පැවැත්වෙන පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරග කාලසටහන

පළමු තරගය - එල්.බී. ෆිනෑන්ස් සහ හේලීස් ගෲප් ‘ඒ’ කණ්ඩායම් අතර වෙළඳ සේවා ක්‍රීඩාංගණයේදී

දෙවැනි තරගය - හැටන් නැෂනල් බැංකුව ‘ඒ’ සහ ඩිමෝ ලංකා ‘ඒ’ කණ්ඩායම් අතර කටුනායක නිදහස් වෙළඳ කළාපීය ක්‍රීඩාංගණයේදී

තෙවැනි තරගය - සම්පත් බැංකුව සහ ටීජේ ලංකා කණ්ඩායම් අතර පී.සරවණමුත්තු ක්‍රීඩංගණයේදී

සිවුවැනි තරගය - ජෝන් කීල්ස් ‘ඒ’ සහ කැන්රිච් ෆිනෑන්ස් ‘ඒ’ කණ්ඩායම් අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී

 

 


අදහස් (0)

පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය කල් යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.