තායිවානයේදී පැවැත්වෙන ආසියානු බේස්බෝල් ශූරතාවලියේ අද (3 වැනිදා) පැවැති තරගයකදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 8-5 ක තියුණු ජයක් අත්කර ගැනීමට පිලිපීනය සමත් විය.
අද පැවැති තරගයේදී ඉනිම් 8 ක් ක්‍රීඩා කළ අතර පළමු ඉනිම් තෙවැනි ඉනිම ක්‍රියාත්මක වන විට කණ්ඩායම් දෙකෙම ලකුණු 3 බැගින් ලබා සම තත්ත්වයේ පසුවිය.
හත්වැනි ඉනිමේදී ලකුණු 4-3 ක් ලෙස තරගයේ පෙරමුණ ගැනීමට පිලිපීනය සමත් වුවද, 8 වැනි ඉනිමේ මුල් භාගයේදී ලකුණු 5-5 ක් ලෙස නැවත වරක් දෙපිලම සම තත්ත්වයට පත්විය.
කෙසේ වුවත් 8 වැනි ඉනිමේ අවසන් භාගයේදී ක්‍රියාත්මක වූ පිලිපීන ක්‍රීඩකයෝ සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 3 ක් එක්කර ගනිමින් තරගයේ ජයග්‍රහණය තමන් වෙත නතු කරගත්හ.
‘ඒ’ කාණ්ඩය යටතේ තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේදී සහභාගි වන මීලඟ තරගය හෙට (4 වැනිදා) චීන තායිපේ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය.
‘ඒ’ කාණ්ඩය යටතේ අද පැවැති තවත් තරගයකදී ලකුණු 2-1 ක් ලෙස ප්‍රබල කොරියානු කණ්ඩායම පරාජය කිරීමට චීන තායිපේ කණ්ඩායම සමත් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.