Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පිළියන්දල මැදි විදුහලට පළමු ඉනිමේ ජයක්

පිළියන්දල මැදි විදුහලට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී කොළඹ අශෝක විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය අද (28 වැනිදා) සමත්විය. මෙම තරගය පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ හේෂාන් මදුසංක (104) පන්දුවෙන්ද දස්කම් දක්වමින් කඩුලු 5 ක් දවාගනිමින් පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් දස්කම් දැක්වීය.


අශෝක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 51.4 කදී සියලුදෙනා දැවී ලකුණු 135
(ආර්.ඇල්විටිගල 32, චිරාත් තිවංක 22, හේෂාන් මදුසංක 43/5, හිරුමාල් පෙරේරා 10/2, සඳුන් සත්සර 11/2)

පිළියන්දල ම.ම.විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 93.4 කදී සියලුදෙනා දැවී ලකුණු 376
(හේෂාන් මදුසංක 104, සී.සඳරු 90, හිරුමාල් පෙරේරා නොදැවී 41, ආකාශ් අකලංක 34, සසංක ලක්ෂාන් 23, ආර්.ඇල්විටිගල 31/4, චිරාත් තිවංක 27/2)

අශෝක විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 41 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 108
(පි.ජයවී නොදැවී 41, මල්ෂාන් ගුණතිලක 16/2)

 


අදහස් (0)

පිළියන්දල මැදි විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.