Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ප‍්‍රධාන වෛද්‍යවරයා ලාල් ඒකනායක

ප‍්‍රධාන වෛද්‍යවරයා ලාල් ඒකනායක

සංජය එරමුදුගොඩ - 2015 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු  පාපන්දු සමුළුව සංවිධානය කරන ආසියා වයස 16න් පහළ පාපන්දු තරගාවලියේ චීනයේ ”නැංජින්” නුවරදී පැවැත්වෙන අර්ධ අවසන් වටයේදී ප‍්‍රධාන වෛද්‍යවරයා ලෙස කටයුතු කිරීම සඳහා ජාතික ක‍්‍රීඩා වෛද්‍ය විද්‍යායතනයේ වෛද්‍ය ලාල් ඒකනායක මහතා අද (11) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

මෙම තරග වටය මෙම 16 වැනිදා සිට 22 වැනිදා දක්වා එහිදී පැවැත්වෙන අතර චීනය, චින තායිපේ, කොරියාව හා මැකාවෝ යන රටවල් සහභාගි වෙති.

මෙතෙක් කලක් ආසියානු පාපන්දු සමුළුවේ වෛද්‍ය කමිටුවේ නිලධාරියකු ලෙස කටයුතු කළ ඒ මහතා තවත් සිවු වසරක් සඳහා එම කමිටුවේ සභාපති ධුරය සඳහාද පත්ව සිටියි.

ඒ මහතා වසර 2005 සිට ජාතික ක‍්‍රීඩා වෛද්‍ය විද්‍යායතනයේ කටයුතු කරන අතර අන්තර් ජාතික ක‍්‍රීඩා උළෙල රැසකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෛද්‍ය නිලධාරියකු ලෙසත් කටයුතු කර තිබේ.

 

●●●


අදහස් (0)

ප‍්‍රධාන වෛද්‍යවරයා ලාල් ඒකනායක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.