අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ දෙවැනි සතිය යටතේ කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී අද (24) පැවැති තරගයේදී පොලිස් පිල ලකුණු 29-17 කින් සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල පරාජය කිරීමට සමත් විය.
මෙම තරගය ආරම්භයේදී කරට කර තරගයක් වුවද දෙවැනි අර්ධයේදී පොලිස් පිල වඩාත් ආක‍්‍රමණශීලි වෙමින් ගෝල දෙකක් සහ උත්සාහක දිනුමක් සම්පූර්ණ කළේය.
ජයග‍්‍රාහි පොලිස් පිල ගෝල 2 කින් සහ උත්සාහක දිනුම් 3 කින් කින් ලකුණු ලැබූ අතර සී. එච්. පිලට ගෝල 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.
පොලිස් ක‍්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 10-7 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.