Last Update  :  2025-07-04 11:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පොලිස් - සී.සී.සී. ක්‍රීඩා සමාජ පෙරමුණ ගනී

පොලිස් - සී.සී.සී. ක්‍රීඩා සමාජ පෙරමුණ ගනී

editorial - 2025 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘මේජර් ලීග්’ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 12 ක් නිමාවට පත්වෙද්දී ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට පොලිස් ක්‍රීඩා සමාජයද, ‘බී’ කාණ්ඩායමේ පෙරමුණ ගැනීමට සී.සී.සී. ක්‍රීඩා සමාජයද සමත්ව සිටියි. 

මේ දක්වා සහභාගි වූ තරග 2 ම ජයගෙන ලකුණු 4 ක් ලබා සිටින පොලිස් ක්‍රීඩා සමාජය මේ වන විට 2.651 ක ශූද්ධ වේගයක් රඳවාගෙන සිටින අතර සී.සී.සී. ක්‍රීඩා සමාජය මෙතෙක් සහභාගි වූ තරග 2 ම ජයගෙන ලකුණු 4 ක් ලබා ඇත්තේ 2.65 ක ශූද්ධ ලකුණු වේගයක් රඳවාගනිමිනි. 

හලාවත මේරියන්ස්, බදුරලිය, එන්.සී.සී. සහ ද්‍රවිඩ සංගම් යන ක්‍රීඩා සමාජ එක් තරගය බැගින් ජයගෙන ලකුණු 2 බැගින් ලබා සිටින නමුත් රඳවාගෙන සිටින ශුද්ධ ලකුණු වේගය අනුව හලාවත මේරියන්ස් කණ්ඩායම ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්ව තිබේ. 

බ්ලූම්ෆීල්ඩ්, නුගේගොඩ, මුවර්ස් සහ කෝල්ට්ස් යන ක්‍රීඩා සමාජද එක් තරගය බැගින් ජයගෙන ලකුණු 2 බැගින් ලබා සිටියි. කෙසේ වුවත් පවත්වාගෙන යන ශූද්ධ ලකුණු වේගයට අනුව ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට හිමිව තිබේ. 

මෙතෙක් පැවැති තරගවලදී වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ සංගීත් කුරේ සමත්ව ඇති අතර මේ වන විට තරග 2 කදී අර්ධ ශතක 2 ක් සමග ඔහු රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 139 කි. ඒස් කැපිටල් ක්‍රීඩා සමාජයේ ටේ‍රවීන් මැතිව් එක් තරගයකදී කඩුලු 5 ක් බිඳහෙළමින් වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණේ පසුවේ.

 


අදහස් (0)

පොලිස් - සී.සී.සී. ක්‍රීඩා සමාජ පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.