Last Update  :  2025-07-12 11:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පෙලිකන්ස් - මොරගස්මුල්ල අවසන් තරගයට

පෙලිකන්ස් - මොරගස්මුල්ල අවසන් තරගයට

රොෂාන් ගුණරත්න - 2016 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පළමු පෙළ ලීග් පාපන්දු තරගාවලියේ පළමු කොටසේ අවසන් තරගයට පෙලිකන්ස් ක්‍රීඩා සමාජය සහ මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා ගත්තේය.


පෙලිකන්ස් කණ්ඩායම සහ රෙඞ් ස්ටාර් කණ්ඩායම අතර කැලණිය පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පුර්ව තරගයෙන් පෙලිකන්ස් ක්‍රීඩකයෝ ගෝල 3--1 ක ජයක් ලැබුහ.


ජයග්‍රාහී පෙලිකන්ස් පිල වෙනුවෙන් ජී. ඩී. සිරිසේන, එස්. ආර්. සංජීව් සහ එච්. සී. ගුණරත්න ගෝල ලබාගත්හ. එම්.ජේ.එම්. අප්රාර්, රෙඞ් ස්ටාර් පිල වෙනුවෙන් ගෝලය ලැබීය.


මොරගස්මුල්ල කණ්ඩායම විසින් කොමරේඞ්ස් කණ්ඩායම පරාජය කරන ලද්දේ ද ගෝල 3--1 කිනි.


රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී මොරගස්මුල්ල පිලේ ඒ.එම්.ශිපාන්, ඩබ්.පුබුදු, එච්.ඩී,මධුෂංක ගෝල ලබාගත් අතර ටී.ඩී.දිසානායක කොමරේඞ්ස් පිලට එකම ගෝලය ගෙන දුන්නේය.


අදහස් (0)

පෙලිකන්ස් - මොරගස්මුල්ල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.