අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ මාකොළ සපුගස්කන්ද මහ විදුහල සහ මාලබේ පිරිමි විදුහල අතර රාගම බැසිලිකා ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ලකණු 49 ක ජයක් අත්කර ගැනීමට සපුගස්කන්ද මහ විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ සපුගස්කන්ද මහ විදුහලේ මිතුරංග මධුෂාන් (108) ශතකයක් ලබාගත් අතර රිද්මික නවාංජන (නොදැවී 76) අර්ධ ශතකයක් ලබාගත්තේය.
සපුගස්කන්ද මහ විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 253
(මිතුරංග මධුෂාන් 108, රිද්මික නවාංජන නොදැවී 76, ඕනෙත් විද්මල් 56/3, නෙතුම් සත්විදු 46/2)
මාලබේ පිරිමි විදුහල - ඕවර 43 කදී සියලු දෙනා දැවී 204
(අනුජ තිසෙත් 53, ඔනෙත් විද්මල් 30, සත්රු සදේශ් 20/4, සවීෂ රශේන් 23/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.