Last Update  :  2025-05-01 21:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාසල් සුපිරි හොකී තරගාවලිය හෙට මාතලේදී

පාසල් සුපිරි හොකී තරගාවලිය හෙට මාතලේදී

editorial - 2025 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය මෙහෙයවන ශ්‍රී ලංකා පාසල් සුපිරි අට  (බාලිකා) හා සුපිරි 10 (බාලක) හොකී තරගමාලාවේ අවසන් මහ තරග හෙට (8) පස්වරුවේ මාතලේදී පැවැත්වේ.

 වසර 2024 අන්තර් පාසල් වයස 20 න් පහළ හොකී තරගමාලාවේ හොදම දක්ෂතා අනුපිළිවෙළට පැමිණි බාලක පාසල් කණ්ඩායම් 10 හා එහිදී එම අනුපිළිවෙලට පැමිණි හොදම බාලිකා පාසල් කණ්ඩායම් අටක් සහභාගිත්වයෙන් මෙම තරගමාලාවේ බාලක ඉසව්ව ඊයේ (6) ආරම්භ විය.

මාතලේ එඩ්වඩ් ද සිල්වා,  මාතලේ හින්දු  විද්‍යාලය,සහ මාතලේ නන්දිමිත්‍ර ඒකනායක කෘත්‍රීම යන ක්‍රීඩාංගණ තුනකදී මෙවර තරගමාලාව පැවැත්වේ. ජය සංකේත ප්‍රදානෝත්සවය තිළිණ හෙට (08) පස්වරු 4 ට පැවැත්වේ.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම, ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම නියෝජනය කර ඇති දිවයිනේ දක්ෂතම පාසල් හොකී ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් මෙම  තරග මාලාවට නියෝජනය කරති.

මෙවර තරගාවලියේ විනයගරුකම බාලක සහ බාලිකා කණ්ඩායම් දෙකට ”රංජීව කුලතුංග අනුස්මරණ කුසලාන” විශේෂ සම්මානය ප්‍රදානය කෙරෙන බව  ශ්‍රී ලංකා පාසල් හොකී සංගමයේ ලේකම් අනුරුද්ධ බන්ඩාර හේරත් මහතා පවසයි.

මාතලේ ශාන්ත තෝමස් විදුහල, බදුල්ල ධර්මදූත විදුහල , කොළඹ රාජකීය විදුහල , කොළඹ ශාන්ත ජෝශප් විදුහල, මහනුවර කිංග්ස්වුඩ් විදුහල, මහනුවර විද්‍යාර්ථ විදුහල ,  කොළඹ ආනන්ද විදුහල, ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල, වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල මෙවර බාලක සුපිරි 10 තරගාවලියට නිර්දේශවී සිටියි.

මෙවර බාලිකා සුපිරි අට තරගාවලියට මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විදුහල, කොළඹ විශාඛා විදුහල, වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ බාලිකා විදුහල, කොළඹ බිෂොප් විදුහල,නාවල ජනාධිපති බාලිකා විදුහල,පානදුර බාලිකා විදුහල, ගාල්ල සවුත්ලන්ඩ් විදුහල සහ මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විදුහල සහභාගි වෙති.

- 223


අදහස් (0)

පාසල් සුපිරි හොකී තරගාවලිය හෙට මාතලේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.