Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාසල් පැසිපන්දු තරග සැප්: 2 දා සිට

පාසල් පැසිපන්දු තරග සැප්: 2 දා සිට

ශනුක අරවින්ද - 2017 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාසල් පැසිපන්දු සම්මේලනය දෙවැනි වරටත් සංවිධානය කරන වයස 19 න් පහළ ‘ඒ’ කාණ්ඩයේ පැසිපන්දු තරගාවලිය ලබන සැප්තැම්බර් මස 2 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලියේ බාලිකා අංශයේ තරග සැප්තැම්බර් මස 2 වැනිදා පෙරවරු 7.00 සිට කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල් පැසිපන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර බාලක අංශයේ තරග පැවැත්වෙන්නේ සැප්තැම්බර් මස 5 වැනිදා පෙරවරු 7.00 සිට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ පැසිපන්දු ක්‍රීඩාංගණයේදීය.

තරගාවලියට සහභාගී වන කණ්ඩායම් කාණ්ඩ 4 කට බෙදා වෙන්කර ඇති අතර මූලික වටයේදී දක්ෂතා දක්වන කණ්ඩායම් 4 තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනු ඇත. ඉන් අනතුරුව අවසන් පූර්ව තරග වටය පැවැත්වෙන අතර අවසන් මහා තරගය සැප්තැම්බර් මස 17 වැනිදා විදුලි ආලෝකය මධ්‍යයේ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

පාසල් මට්ටමින් පැසිපන්දු ක්‍රීඩාව දිවයින පුරා ප්‍රචලිත කරවීමේ අරමුණින් ඉකුත් වසරේදී (2016) මෙම තරගාවලිය ආරම්භ කෙරුණු අතර එම තරගාවලිය සඳහා පාසල් 26 ක් සහභාගි විය.

එවර තරගාවලියේ බාලක ශූරතාවය දිනාගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයත්, බාලිකා ශූරතාවය දිනාගැනීමට කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමයත් සමත් විය. මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයට එම තරගාවලියේ බාලක අනුශූරතාවය හිමි වූ අතර එහි බාලිකා අනුශූරතාව හිමි වූයේ නුගේගොඩ සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයටය.

-036  

 


අදහස් (0)

පාසල් පැසිපන්දු තරග සැප්: 2 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.