Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාසල් කි‍්‍රකට් කී‍්‍රඩාවේ අත්වැල බිඳී යයි

පාසල් කි‍්‍රකට් කී‍්‍රඩාවේ අත්වැල බිඳී යයි

දිලිනි මල්රුක්ෂි - 2015 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය සහ ක‍්‍රිකට් අතුරු කමිටුව අතර සම්බන්ධතාවක් නොමැතිවීමෙන් පාසල් ක‍්‍රිකට් කී‍්‍රඩාව ව්‍යාකූල තත්ත්වයකට පත්වීමේ පරිසරයක් නිර්මාණ වෙමින් ඇති බවට වාර්තා වේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විධායක කමිටුවට පාසල් ක‍්‍රිකට් සංගමයේ ලේකම්වරයා සහ සභාපතිවරයා නිල බලයෙන් සාමාජිකත්වය දැරුවද අතුරු කමිටුවක එවැනි තත්ත්වයක් නැති බැවින් වත්මන් ව්‍යාකූල තත්ත්වය ඇතිවී ඇතැයි කි‍්‍රකට් පරිපාලනයේ තතු දන්නෝ කියති.

මේ අතර ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මේ දිනවල කනිෂ්ඨ තේරීම් කමිටුව පත්කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. කෙසේ වෙතත් ඒ පිළිබදව පාසල් ක‍්‍රිකට් පරිපාලනය සමඟ කිසිදු සාකාච්ඡවක් කර නැති බව දැනගන්නට තිබේ.

මේ වන විට ක‍්‍රියාත්මක කනිෂ්ඨ ක‍්‍රිකට් තේරීම් කමිටුවට චෝදනා එල්ල වී ඇති අතර මෙම කමිටුවේ සාමාජිකයෝ විශේෂ දීමනාවක්ද ලබති.

මෙම තත්ත්වය පිළිබදව කළ විමසුමකදී පාසල් ක‍්‍රිකට් සංගමයේ උසස් නිලධාරියකු පැවසුවේ අතුරු කමිටුව සමඟ සම්බන්ධතාවක් නොමැතිව කටයුතු කළ නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි.

”කනිෂ්ඨ තේරීම් කමිටුවේ පාසල් ක‍්‍රිකට් සංගමයේ සාමාජිකයන් සංඛ්‍යාව තුනක් දක්වා වැඩි කළ යුතු බවට අප ඉල්ලීමක් කර තිබුණා. නමුත් දැන් ඒවාට මොනවා වෙයිද දන්නේ නෑ. දැන් තියෙන කනිෂ්ඨ තේරීම් කමිටුවත් වෙනස් කළ යුතුයි” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
මෙම තත්ත්වය පිළිබදව වීමසීමට අතුරු කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි මහතා දුරකථයෙන් සම්බන්ධකර ගැනීමට උත්සහ කළ ද එය අසාර්ථක විය. ක‍්‍රිකට් ආයතනයේ නිලධාරියකු පැවසුවේ ඒ මහතා විදේශගතව සිටින බවයි.


අදහස් (0)

පාසල් කි‍්‍රකට් කී‍්‍රඩාවේ අත්වැල බිඳී යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.