Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපැදි නිලවරණය නොවැම්බර් 12 දා

පාපැදි නිලවරණය නොවැම්බර් 12 දා

රොෂාන් ගුණරත්න - 2017 ඔක් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අද (12) පැවැති ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ මධ්‍යම කමිටු රැස්වීමේදි ගනු ලැබූ තීරණයන්ට අනුව එහි නිලවරණය  (2017 - 21) ලබන නොවැම්බර් 12 වැනිදා කැඳවීමට තීරණය වී තිබේ.

ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් රීඞ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගායේදි පස්වරු 2.00 ට ආරම්භ වූ පාපැදි සම්මේලනයේ  මධ්‍යම කමිටු රැස්වීම පස්වරු 6.30 දක්වා ඇදි ගියේය. එහිදි ගනු ලැබූ තීරණයන්ට අනුව මීළඟ පාපැදි නිලවරණයට සහභාගි කර ගන්නා ක්‍රීඩා සමාජ හා දිස්ත්‍රික් සංගම් පිළිබඳව අවසන් තීරණයක් ගැනීමේ බලය ක්‍රීඩා අමාත්‍යාංශයට පවරා තිබේ.

ඒ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර තීරණයක් ගැනීම ක්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ආර්.බී. වික්‍රමසිංහ මහතාට පවරා තිබෙන අතර ඔහු සිය නිගමන ලබන සඳුදා (16) වනවිට ලබාදීමට නියමිතය.

ක්‍රීඩා සමාජ හා දිස්ත්‍රික් සංගම් ගණනාවක් අක්‍රියවීමේ චෝදනා මත එළඹෙන නිලවරණයෙන් ඉවත් කර තිබෙන අතර එකී ක්‍රීඩා සමාජ එම තීරණය යළි සලකා බලන ලෙස ඉල්ලා  අභියාචනා ගොනු කර තිබේ. අද පැවැති මධ්‍යම කමිටු රැස්වීමට ක්‍රීඩා සමාජ හා සංගම්  47ක් සහභාගි විය.

ලබන නොවැම්බර් මාසයේදි පැවැත්වෙන ඉන්දුනිසියානු විවෘත පාපැදි සවාරියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් සහභාගි කිරීමට ගනු ලැබූ තීරණයට අනුව නම් කෙරෙන ශ්‍රී ලංකා වයස 23න් පහළ කණ්ඩායමේ කළමනාකර ලෙස උපුල් චන්දන ප්‍රියනාත් මහතාත් පුහුණුකරු ලෙස ටියුඩර් විජේසුරිය මහතාත් පත් කිරීමට ඊයේ මාධ්‍යම කමිටු රැස්වීමේදී අනුමැතිය ලැබී තිබේ. මේ අතර ඊයේ පාපැදි මධ්‍යම කමිටු රැස්වීමේදි අදහස් දැක්වූ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා එහි තාක්‍ෂණික කමිටුවේ සභාපති ධුරයෙන් අන්තර් ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතා ඉවත්කිරීමට ගත් තීරණය ගැන සිය කනගාටුව පළකර සිටි බව වාර්තාවේ.

එම තීරණය මෙරට පාපැදි ක්‍රීඩාවේ ඉදිරි ගමනට හිතකර නොවුන බවට තමන් දැන් පිළිගන්නා බව එහිදී වැඩිදුරටත් අමල් හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ.

මවුන්ටන් පාපැදි සංගමයේ සභාපති අමල් සුරියගේ මහතා එහිදී ප්‍රකාශ කර ඇත්තේ මීළඟ තාක්‍ෂණ කමිටුවේ සභාපති ධුරය කරුණාරත්න මහතාට ප්‍රදානය කළ යුතු බවයි.

 


අදහස් (0)

පාපැදි නිලවරණය නොවැම්බර් 12 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.