Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපන්දු පුහුණුකරු අමීර්ට අවවාද

පාපන්දු පුහුණුකරු අමීර්ට අවවාද

editorial - 2021 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන හෝ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ කටයුතු සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් වැළකී සිටින ලෙස ජාතික පාපන්දු පුහුණුකරු අමීර් ඇලජික් මහතාට එම සම්මේලනය දැනුම්දී ඇතැයි වාර්තාවේ.

ඔහු මෑතකදී විවිධ සමාජ මාධ්‍ය ජාල හා මුහුණු පොත (ෆේස්බුක්) ඔස්සේ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව පිළිබඳව දක්වා ඇතැයි කියන අදහස් හා ප්‍රකාශයන් වෙත අවධානය යොමු කරමින්  ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ඔහුට එම දැනුම්දීම කර තිබේ.

බොස්නියානු ජාතිකයකු වන අමීර් ඇලජික් මහතා ශ්‍රී ලංකාවේ සේවය බාර ගත්තේ වසර 2020 පෙබරවාරි මාසයේ සිටය. ඔහුගේ පළමු සේවා කාලය වසර දෙකකි.

ඇලජික් මහතා පාපන්දු සම්මේලනයේ තාක්ෂණික අධ්‍යක්ෂවරයා ලෙසත් කටයුතු කරයි. පාපන්දු සම්මේලනයේ පැවැති ජාතික කණ්ඩායම් කළමනාකරණ කමිටු සාකච්ඡාවකදී ඔහුගේ ක්‍රියා කලාපය පිළිබඳව පාපන්දු සම්මේලනයේ ප්‍රධානීන්ගේ අවධානයට යොමුවූ බවද වැඩිදුරටත් වාර්තාවේ.

නොබෝදා නිමාවට පත්වූ ලෝක කුසලාන (2023) සුදුසුකම් ආසියානු කලාප දෙවැනි වටයේ තරග දෙකකදී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම දැක්වූ දස්කම් සම්බන්ධයෙන් ඇලජික් මහතා කරන ලද  සේවය එහිදී පාපන්දු සම්මේලනයේ ඇගයීමට ලක්ව තිබේ.

 


අදහස් (0)

පාපන්දු පුහුණුකරු අමීර්ට අවවාද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.