Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපන්දු ආයතනය මහ බැංකුව ගිය පාරේ

පාපන්දු ආයතනය මහ බැංකුව ගිය පාරේ

editorial - 2024 මාර් මස 20 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සේවක සේවිකාවන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා විධායක සභාවට යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් සකස් කළ කෙටුම්පතක් පාපන්දු ආයතනයේ ඉකුත් දා පැවති කමිටු රැස්වීමට ඉදිරිපත්වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හැරෙන්නට ජාතික ක්‍රීඩා සංගමයක වැටුප් ලබන වැඩිම කාර්ය මණ්ඩලයක් ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේය. ඒ ගණනින් 48ක් පමණය.

මෙම පිරිසට වැටුප් ලබන පාපන්දු ආයතනයේ ඉහළ පෙළේ නිලධාරීන් කීපදෙනෙකු හා පුහුණු කාර්ය මණ්ඩලය ද ඇතුළත්ය.

මෙම වැටුප් වර්ධක ඉහළ යාම සමහර තනතුරු සඳහා 114% ක පමණ අගයක් ගන්නා බව ද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ කළ විමසුමක දී ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පැවසුවේ සිය සේවක සේවිකාවන්ගේ වැටුප් වැඩි කිරීම කාලීන අවශ්‍යතාවක් බවයි.

වැටුප් වැඩි කිරීමක් ගැන බොහෝ සේවක සේවිකාවන් අපෙන් ඉල්ලීමක් කළා. වසර 2021 දී අවසන් වතාවට ඔවුන්ගේ වැටුප් හා දීමනා වැඩි කරන්න. මම සභාපති ධුරය දරමින් සිටිය දී කටයුතු කළා. වඩාත් ගුණාත්මක සේවාවක් ලබා ගැනීමට නම් ඔවුන්ගේ වැටුප් වැඩිවීමක් මේ අවස්ථාවේ දී සිදුවිය යුතු බවට යෝජනා ඉදිරිපත් වුණා. ඒ අනුව ඒ සඳහා කෙටුම්පතක් අපි සකස්කර කර සූදානම් කළා.

පාපන්දු ආයතනයේ සේවක සේවිකාවන්ට වැටුප් ගෙවන්නෙ අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ අරමුදල්වලින්. ඒ සඳහා අපි මෙරට අරමුදල් යොදා ගැනීමක් කරලා නෑ. කොහොමත් දැන් මේ පැන නැගිලා තිබෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක පාපන්දු ආයතනයේ සේවක සේවිකාවන්ගේ වැටුප් වැඩිවීමේ අවශ්‍යතාවය තදින්ම දැනී තිබෙනවා’’ යැයි ද එහිදී ජස්වර් අමාර් මහතා වැඩිදුරටත් පැවසීය.

පාපන්ද ආයතනයේ මෙම වසරේ කෙටුම්පත් කර ඇති අයවැය වාර්තාවට අනුව ආදායම රුපියල් බිලියනයකි. (995088000). වියදම ඊට වැඩි අගයක් ගන්නා රුපියල් 1043764538කි.


අදහස් (1)

පාපන්දු ආයතනය මහ බැංකුව ගිය පාරේ
  • P.H දුල්මිණී කවීෂ්වරා Tuesday, 26 March 2024 09:44 PM

    ඇත්තටම හොඳයි.. ක්‍රීඩාවේ පරිපාලනයට සම්බන්ධ අය මුදල් සුරා කාපු අවස්ථා හැකි ඉක්මනට එවන්නකෝ...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.