පානදුර රාජකීය විදුහල සහ ශාන්ත ජෝන් විදුහල අතර ‘මර්වින් ජේ. කුරේ’ අනුස්මරණ කුසලාන 23 වැනි ‘හරිත සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 27 සහ 28 දෙදින පානදුර නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
දෙවිදුහල් අතර මේ දක්වා පැවැති තරග 22 දී රාජකීය විදුහල තරග තුනක් ද, ශාන්ත ජෝන් විදුහල තරගයක් ද ජය ලබා තිබේ. අවසන් වරට රාජකීය විදුහල 2012 වසරේ චරිත් රුචිරංගගේ නායකත්වයෙන් ජය ලැබීය.
මෙම පාසල් දෙකෙන් ටෙස්ට් ක්‍රීඩකයන් රැුසක් බිහිකර තිබිම කැපී පෙනේ. ඒ අතරින් රාජකීය විදුහල් ආදි ශිෂ්‍ය ලෝක කුසලාන තරගාවලි දෙකකට සහභාගි වූ ප්රවේගකාරි පිතිකරු චාමර සිල්වාට විශේෂ ස්ථානයක් හිමිවේ. ටෙස්ට් ක්‍රීඩකයන් වන රවින්ද්‍ර පුෂ්පකුමාර සහ චරිත බුද්ධික, ශාන්ත ජෝන් විදුහලේ ආදි සිසුවෝ වෙති.
මෙවර රාජකීය විදුහලේ නායකයා ලෙස අකිල ලක්ෂාන් ද, ශාන්ත ජෝන් විදුහලේ නායකයා ලෙස හර්ෂ සල්ගාදු ද, කටයුතු කරති.
‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ක්‍රීඩා කරන පානදුර රාජකීය විදුහල මෙම තරග වාරයේ තරගය 16 කට ක්‍රීඩා කරමින් පූර්ණ ජයග්‍රහණ 4 ක් ලබා ඉතිරි තරග විසදුමකින් තොරව අවසන් කර තිබේ.
මෙවර රාජකීය විදුහල් පිලේ ප්‍රබල ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා වයස 15 න් පහළ පිලේ නායකයා සහ ශ්‍රී ලංකා වයස 17 න් පහළ පිලේ උප නායකයා ලෙස ද කටයුතු කළ ශ්‍රී ලංකා වයස 19 න් පහළ සංචිතය නියෝජනය කළ දකුණත් පිතිකරු මාධව නිමේෂ් හැදින්විය හැකිය. මාධව 2012 වසරේ ලකුණු 158 ක් රැුස්කරමින් ‘හරිත සටන’ මහ ක්‍රිකට් තරගයේ ඉනිමක වැඩිම ලකුණු වාර්තාවට ද හිමිකම් කියන අතර ඔහු මෙම තරග වාරයේ ලකුණු 802 ක් රැුස්කර තිබේ.
නායක අකිල ලක්ෂාන් (670), හෂාන් චාමර (601), අෂාන් විමුක්ති (572) සහ පවන් මධුරජිත් (491) මෙවර රාජකීය විදුහල් පිතිකරු ලැයිස්තුව නියෝජනය කරන සෙසු ප්‍රබල පිතිකරුවෝ වෙති.
වමතින් පා දඟ පන්දු යවන හිමේෂ රංගනාත් කඩුලූ 72 ක් දවා ගනිමින් මෙවර රාජකීය විදුහල් පන්දු යැවිමේ බලැනියේ ප්‍රමුඛයා බවට පත්ව සිටියි. රවීන් ලක්ෂාන් (48), භාෂිත ලක්ෂාන් (25) සහ මාධව නිමේෂ් රාජකීය විදුහල් සෙසු ප්‍රබල පන්දු යවන්නෝ වෙති.
‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ක්‍රීඩා කරන ශාන්ත ජෝන් විදුහල මෙම තරග වාරයේ තරග 16 කට සහභාගි වී පූර්ණ ජයග්‍රහණ 8 ක් ලබමින් එක තරගයක් පරාජයට පත්ව තිබේ.
මෙවර ශාන්ත ජෝන් විදුහලේ ප්රබලතම ක්‍රීඩකයා වන නායක හර්ෂ සල්ගාදු ශතක 2 ක් සහ අර්ධ ශතක 3 ක් සමගින් ලකුණු 841 ක් රැස්කරමින් කඩුලූ 30 ක් ද, දවා ගැනීමට සමත්ව සිටියි.
සිතුම් ප්‍රබෝද (601), කවි`දු හෂාන් (501), නදුන් දර්ශන (489) සහ තරිදු අකලංක (467) ශාන්ත ජෝන් විදුහල් පිතිකරු ලැයිස්තුවේ සෙසු ප්‍රබල පිතිකරුවෝ වෙති.
වමතින් පා දඟ පන්දු යවන ජයත් තිවංක කඩුලූ 63 ක් දවා ගනිමින් මෙම තරග වාරයේ ශාන්ත ජෝන් විදුහලේ වැඩිම කඩුලූ ලාභියා බවට පත්ව සිටියි. කවි`දු හෂාන් (53), මලිත් ගුණවර්ධන (30) සහ ඉසුරු ලක්ප්‍රිය (21) මෙම තරග වාරයේ පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්ව සිටිති.
දෙවිදුහල් අතර වාර්ෂික සීමිත ඕවර ක්‍රිකට් තරගය මේ මස 29 වැනිදා පානදුර නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශාන්ත ජෝන් විදුහල් කණ්ඩායම:
ඉදිරි පෙළ වමේ සිට: උපුල් ගුණතිලක මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), තරිදු අකලංක, කවිදු හෂාන්, හර්ෂ සල්ගාදු (නායක), එම්. එන්. පී. ටී. ද සිල්වා මහතා (විදුහල්පති), ගිහාන් අනුරුද්ධ (උප නායක), නදුන් දර්ශන, සුමේධ පීරිස් මහතා (පන්දු රැුකීමේ පුහුණුකරු) සහ ජී. රණසිංහ මහතා (පුහුණුකරු)
පසු පෙළ වමේ සිට: හේෂාන් ප්‍රනාන්දු, හර්ෂ කුමාර, මලිත් ගුණවර්ධන, රිද්මාල් රෂ්මික, සිතුම් ප්‍රමෝද, ඉෂාර පීරිස්, අයි. සහීම්, අයේෂ් මධුසංඛ, ඉසුරු ලක්ප්‍රිය, ජයත් මලිත්, රමි`දු රෂ්මික, සනෝජ් අර්ශික සහ සංජු මහීෂ
පානදුර රාජකීය විදුහල් කණ්ඩායම:
ඉදිරි පෙළ වමේ සිට: මනෝජ් චානක මහතා (සහය පුහුණුකරු), සුමිත් ප්‍රසන්න මහතා (ප්‍රධාන පුහුණුකරු සහ කණ්ඩායම් භාර නිලධාරී), හෂාන් චාමර, මොහාන් ලාල් ගුණරංසි මහතා (විදුහල්පති), අකිල ලක්ෂාන් (නායක), මාධව නිමේෂ්, ඩබ්ලිව්. එම්. ද සොයිසා මහතා (නියෝජ්‍ය විදුහල්පති* සහ කපිතාන් ටී. ඩබ්ලිව්. මහින්දරත්න මහතා (ක්‍රීඩා පරිපාලක)
පසු පෙළ වමේ සිට: ලක්ෂිත ජයංග, අබිරු සචින්ත, රවීන් ලක්ෂාන්, භාෂිත ලක්ෂාන්, පැතුම් නිර්මාල්, පවන් මධුරජිත්, ගිහාන් ධනුෂ්ක, හිමේෂ් රංගනාත්, හෂාන් විමුක්ති, රුසිරු රවිශංඛ, තිලාන් ප්‍රනාන්දු, භනුර ප්‍රසංජිත් සහ ඉෂාර ඩිල්ෂාන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.