Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පානදුර රාජකීය - ශාන්ත ජෝන් ‘හරිත සටන’ විසඳුමකින් තොරයි

පානදුර රාජකීය - ශාන්ත ජෝන් ‘හරිත සටන’ විසඳුමකින් තොරයි

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පානදුර රාජකීය විදුහල සහ ශාන්ත ජෝන් විදුහල අතර පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී පැවැති ‘මර්වින් ජේ. කුරේ’ අනුස්මරණ කුසලාන 23 වැනි ‘හරිත සටන’ වාර්ෂික මහා ක‍්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන් විය.

තරගයේ දෙවැනි සහ අවසන් දිනය වූ අද (28) පස්වරුවේ තරගය අවසන් වන විට රාජකීය විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 9 ක් දැවී ලකුණු 290 ක් රැස්කිරීමට සමත්ව සිටියේය.

රාජකීය විදුහල් පිලේ නායක අකිල ලක්‍ෂාන් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 119 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 109 ක් රැස් කරමින් තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තේය.

රාජකීය විදුහල් වමතින් පා දඟ පන්දු යවන හිමේෂ් රංගනාත් ලකුණු 54 කට කඩුලූ 6 ක් දවා ගනිමින් දක්‍ෂතම පන්දු යවන්නා ලෙස සම්මාන දිනා ගත්තේය. රාජකීය විදුහලේ අෂාන් චාමර අගනා ලකුණු 83 ක් රැස්කරමින් දක්‍ෂතම පිතිකරු ලෙස සම්මමාන ලැබීය.

ශාන්ත ජෝන් විදුහලේ කඩුලූ රකින ක‍්‍රීඩක ගිහාන් අනුරුද්ධ දක්‍ෂතම පන්දු රකින්නා සම්මාන හිමිකර ගත්තේය.   

 


ශාන්ත ජෝන් විදුහල පළමු ඉනිම  ඕවර 67.2 කදී සියලූ දෙනා දැවී 199
(තනුජ අකලංක 32, සනෝජ් දර්ශික 38, හර්ෂ සල්ගාදු 72, රවීන් ලක්‍ෂාන් 37/3, හිමේෂ් රංගනාත් 54/6)

පානදුර රාජකීය විදුහල පළමු ඉනිම ඕවර 74.5 කදී කඩුලූ 9 ට 290
(පැතුම් නිර්මාල් 18, අෂාන් චාමර 83, අකිල ලක්‍ෂාන් 109, රවීන් ලක්‍ෂාන් 42, ජයත් තිවංග 74/2, කවිඳු හෂාන් 75/4)


- 048


අදහස් (0)

පානදුර රාජකීය - ශාන්ත ජෝන් ‘හරිත සටන’ විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.