Last Update  :  2025-12-24 13:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාකිස්තාන - ඇෆ්ගනිස්ථාන අවසන් සටන හෙට

පාකිස්තාන - ඇෆ්ගනිස්ථාන අවසන් සටන හෙට

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවරදී හෙට (19 වැනිදා) පැවැත්වෙන වයස 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී පාකිස්තානයට එරෙහිව ඇෆ්ගනිස්ථානය තරග බිමට පිවිසීමට නියමිතය. ඇෆ්ගනිස්තානය වයස 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාවද මෙය වේ.

පළමු අවසන් පූර්ව තරගයේදී ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 2 කින් බංග්ලාදේශය පරාජය කරමින් පාකිස්තාන කණ්ඩායම අවනසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර ඇෆ්ගනිස්ථානය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී නේපාලයට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කරමිනි.

ඉකුත් වසරේ (2017) පැවැති තරගයේ ශූරයන් වූ ඉන්දීයාව සහ අනු ශූරයන් වූ ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ අවසන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අපොහොසත් වූ අතර මූලික වටයේ අවසානයේදී තරගාවලියෙන් ඉවතට විසිවිය.


පළමු අවසන් පූර්ව තරගය


පාකිස්තානයට ලකුණු 2 ක ජයක්

බංග්ලාදේශය - ඕවර 50 කඩුලු 6 කට 274
(පිනක් ගෝෂ් 82, සයිෆ් හසන් 61, අෆිෆ් හුසේන් නොදැවී 52, මුනිර් රියාස් 53/3)

පාකිස්තානය - ඕවර 39 කඩුලු 5 කට 199
(මොහොමඞ් ටාහා 92, සාඞ් ඛාන් 35, රොහේල් නසීර් 26, මොසින් ඛාන් 22, කුවාසි ඔනික් 35/2)
දෙවැනි අවසන් පූර්ව තරගය


ඇෆ්ගනිස්ථානයට කඩුලු 7 ක ජයක්

නේපාලය - ඕවර 28 සියලු දෙනා දැවී 103
(අනිල් සාහ් 50, මුජීබ් 28/6, කුවායිස් අහමඞ් 23/2)

ඇෆ්ගනිස්ථානය - ඕවර 20.3 කඩුලු 3 කට 108
(රමනුල්ලා ගුර්බස් 71)


- 036

 


අදහස් (0)

පාකිස්තාන - ඇෆ්ගනිස්ථාන අවසන් සටන හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.