
(ශානුක අරවින්ද)
මේජර් ලීග් අන්තර් සමාජ පළමු පෙළ තරගාවලියේ 11 වැනි සතියේ තරගවල පළමු දිනය වූ අද (28 වැනිදා) ශතක 7 ක් වාර්තා කිරීමට පිතිකරුවෝ සමත් වූහ. අද දිනයේදී තරග 12 ක් ආරම්භ විය.
රොෂේන් සිල්වා සහ මනෝජ් සරත්චන්ද්‍ර (එස්.එස්.සී.), ධනංජය ලක්ෂාන් (කෝල්ට්ස්), කසුන් අබේරත්න (ලංකන්), පසිඳු සූරියබණ්ඩාර (මූවර්ස්), ලක්ෂාන් එදිරිසිංහ (යුද හමුදා) සහ මලිඳු මඳුරංග (බදුරලිය) යන ක්‍රීඩකයෝ එහිදී ශතක ලැබූහ.
11 වැනි සතියේ පළමු දිනයේදී ශතක ලැබූවෝ
■ රොෂේන් සිල්වා (එස්.එස්.සී.) ලකුණු 100 - කුරුණෑගල යූත් පිලට එරෙහිව
■ මනෝජ් සරත්චන්ද්‍ර (එස්.එස්.සී.) ලකුණු 113 - කුරුණෑගල යූත් පිලට එරෙහිව
■ ධනංජය ලක්ෂාන් (කෝල්ට්ස්) ලකුණු 113 - රාගම පිලට එරෙහිව
■ කසුන් අබේරත්න (ලංකන්) ලකුණු 111 - සෙබස්තියනයිට්ස් පිලට එරෙහිව
■ පසිඳු සූරියබණ්ඩාර (මූවර්ස්) නොදැවී ලකුණු 131 - කළුතර ටවුන් පිලට එරෙහිව
■ ලක්ෂාන් එදිරිසිංහ (යුද හමුදා) ලකුණු 112 - හලාවත මේරියන්ස් පිලට එරෙහිව
■ මලිඳු මඳුරංග (බදුරලිය) නොදැවී ලකුණු 113 - නුගේගොඩ ක්‍රීඩා සමාජ පිලට එරෙහිව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.