Last Update  :  2025-07-07 11:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පළමු කොටසට කණ්ඩායම් 81 ක්

පළමු කොටසට කණ්ඩායම් 81 ක්

ශනුක අරවින්ද - 2016 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් වයස 15 න් පහළ I වැනි කාණ්ඩයේ කි‍්‍රකට් තරගාවලිය කණ්ඩායම් 81 ක සහභාගීත්වයෙන් මැයි මාසයේදී ආරම්භ වීමට නියමිතය.

ඉකුත් වසරේ සීමිත  ඕවර (ඕවර 50)තරගාවලියක් ලෙස පැවැති තරගාවලිය මෙවර එක්දින තරගාවලියක් ලෙස පැවැත්වේ. එක් තරගයක් පැය 6 කුත් විනාඩි 20 ක කාලයක් පැවැත්වේ. එහිදී යැවිය යුතු අවම  ඕවර සංඛ්‍යාව 95 කි. එක් කණ්ඩායමකට  ඕවර 65 කට වඩා පන්දුවට පහරදීමට නොහැකි වන අතර පළමු ඉනිමේ ජයග‍්‍රහණ සඳහා කණ්ඩායම් වලට ප‍්‍රසාද ලකුණු හිමිවේ.

පළමු වටයේදී කණ්ඩායම් 81 කාණ්ඩ 11 යටතේ තරග වැදීමට නියමිත අතර ඒ අතුරින් දෙවැනි වටය සඳහා කණ්ඩායම් 40 ක් තොරාගනු ලැබේ.

දෙවැනි වටයට සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් 40 කාණ්ඩ 8 ක් යටතේ ලීග් ක‍්‍රමයට තරග වැදීමට නියමිත අතර එම කාණ්ඩ අටේ ශූරයන් සහ අනුශූරයන් වන කණ්ඩායම් 16 පෙර අර්ධ අවසන් පූර්ව වටටයට සුදුසුකම් ලබයි. අවසන් පූරව වටයේ සිට දින දෙකේ තරග පැවැත්වේ.

ඉකුත් වසරේ පැවැති තරගාවලියේදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල ශූරතාව දිනාගත්තේය.  අනුශූරතාව මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලට හිමිවිය.

එම වසරේදී II වැනි කාණ්ඩයේ සම ශූරතාව දිනාගත් මොදර ද ලාසාල් විදුහල සහ අවසන් පූර්ව තරග දක්වා පැමිණි ගාල්ල විද්‍යාලෝක විදුහල මෙවර තරගාවලියේදී I වැනි කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතය.

‘ඒ’ කාණ්ඩය -
කොළඹ මහානාම විදුහල, වත්තල ශාන්ත අන්තෝනි විදුහල, කළුතර තිස්ස මැදි විදුහල, පානදුර ශ්‍රී සුමංගල විදුහල, පානදුර රාජකීය විදුහල, කැලණිය ගුරුකුල විදුහල, නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල සහ කළුතර සිරිකුරුස විදුහල

‘බී’ කාණ්ඩය -
වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල, කොළඹ අසෝක විදුහල, මහරගම ජනාධිපති විදුහල, කඳාන ද මැසිනොද් විදුහල, කෝට්ටේ ආනන්ද ශ‍්‍රාස්තාලය, කොළඹ නාලන්දා විදුහල, ඞී. එස්. සේනානායක විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල

‘සී’ කාණ්ඩය -
කළුතර විද්‍යාලය, කොළඹ ලූම්බිණි විදුහල, කොටහේන ශාන්ත බෙනඩික් විදුහල, පාදුක්ක සිරි පියරතන මහ විදුහල, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල, පිළියන්දල මැදි විදුහල සහ මොරටු විද්‍යාලය

‘ඩී’ කාණ්ඩය -
හලාවත ශාන්ත මරියා විදහල, කොළඹ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විදුහල, මීගමුව මාරිස්ටෙලා විදුහල, කොළඹ ශාන්ත ජෝෂප් විදුහල, රාගම බැසිලිකා විදුහල, කොළඹ රාජකීය විදුහල සහ කොළඹ වෙස්ලි විදුහල

‘ඊ’ කාණ්ඩය -
පන්නිපිටිය ධර්මපාල විදුහල, මරදාන සහිරා විදුහල, කොළඹ ශාන්ත පීතර විදුහල, ගම්පහ බණ්ඩාරනායක විදුහල, මාරවිල ශාන්ත සේවියර් විදුහල, කොළඹ කේරි විදුහල සහ රද්දොළුව ශ්‍රී පඥ්ඥානන්ද විදුහල

‘එෆ්’ කාණ්ඩය -
කොළඹ ආනන්ද විදුහල, කොළඹ ද ලාසාල් විදුහල, කෝට්ටේ ජනාධිපති විදුහල, කොළඹ සුසමයවර්ධන විදුහල, යක්කල ශ්‍රී චන්ද්‍රජෝති විදුහල, මොරටුව වේල්ස් කුමර විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල

‘ජී’ කාණ්ඩය -
කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල, කොළඹ වේළුවන විදුහල, පානදුර ශාන්ත ජෝන් විදුහල, කොළඹ ඉසිපතන විදුහල, දෙහිවල එස්. ද එස්. ජයසිංහ මහ විදුහල, කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල සහ කොට්ටාව ධර්මපාල විදුහල

‘එච්’ කාණ්ඩය -
කුරුණෑගල මලියදේව විදුහල, මාතලේ ශාන්ත තෝමස් විදුහල, මහනුවර ශාන්ත අන්තෝනි විදුහල, ඉබ්බාගමුව මැදි විදුහල, කුරුණෑගල මලියදේව ආදර්ශ විදුහල, පොලොන්නරුව රාජකීය විදුහල සහ සඳලංකාව මැදි විදුහල

‘ජේ’ කාණ්ඩය -
මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල, මහනුවර කිංග්ස්වුඞ් විදුහල, මහනුවර ධර්මරාජ විදුහල, මහනුවර විද්‍යාර්ථ විදුහල, කුරුණෑගල ශාන්ත ආනා විදුහල, කෑගලූ විද්‍යාලය, මහනුවර ති‍්‍රත්ව විදුහල සහ කෑගල්ල ශාන්ත මරියා විදුහල

‘කේ’ කාණ්ඩය -
මාතර රාහුල විදුහල, ගාල්ල රිච්මන්ඞ් විදුහල, කරන්දෙණිය මැදි විදුහල, ගාල්ල විද්‍යාලෝක විදුහල, බලපිටිය රේවත විදුහල, අම්බලන්ගොඩ ශී‍්‍ර දේවානන්ද විදුහල, මාතර සර්වේෂස් විදුහල සහ ගාල්ල ඇලවීෂියස් විදුහල

‘එල්’ කාණ්ඩය -  
දෙබරවැව ජාතික පාසල, මීපාවල අමරසූරිය විදුහල, අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල, ගාල්ල මහින්ද විදුහල, රත්ගම දේවපතිරාජ විදුහල, මාතර ශාන්ත තෝමස් විදුහල සහ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල

 


අදහස් (0)

පළමු කොටසට කණ්ඩායම් 81 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.